Gossip

වාහන කුඩුපට්ටම්, වෙළඳසැල් ගිනිබත්, STF වැඩේට බහී, ඕනනම් ආමි එකත් ගේනවලු – අම්පාරේ ජරමරේ අලුත්ම තත්ත්වය මෙන්න

අම්පාර නගරයේ ඩී.එස්. සේනානායක වීදියේ ආපන ශාලාවකින් ආහාර ලබාගැනීමේදී ඇති වූ මතභේදාත්මක තත්ත්වයක් දුරදිග යාම හේතුවෙන් ඊයේ (26) රාත්‍රියේ නොසන්සුන්කාරී තත්ත්වයක් ඇතිවුණා.

ආහාර ලබා ගැනීමට පැමිණි පිරිස් අදාළ ආපන ශාලාවට ප්‍රහාර එල්ල කර ඇති අතර තවත් ව්‍යාපාරික ස්ථාන කිහිපයකට සහ අසල තිබූ ආගමික සිද්ධස්ථානයකට ද හානි සිදුකර තිබෙන බවටයි වාර්තා වන්නේ. පසුව මොවුන් එම ව්‍යාපාරික ස්ථාන අසල නවතා තිබූ රථවාහන කිහිපයකටද හානි සිදුකර තිබුණා.

කෙසේවෙතත් තත්ත්වය මේ වන විට පාලනය කර ඇති බව පොලිස් මූලස්ථානය පවසනවා.

පවතින තත්ත්වය හමුවේ පොලීසිය, ප්‍රදේශයේ නීතිය හා සාමය ආරක්ෂා කිරීමට පියවර ගත් අතර ආරක්ෂාව තර කිරීම සඳහා පොලිස් විශේෂ කාර්ය බලකායද රාත්‍රියේ දීම කැඳවීමට ආරක්ෂක අංශ කටයුතු කර තිබුණා.

මේ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ අම්පාර ප්‍රදේශයේ ආරක්ෂාව මේ වන විට තහවුරු කර ඇති බවයි.

කෙසේවෙතත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් කිහිපදෙනෙකුගෙන් සාක්ෂි සටහන් කරගෙන ඇති අතර එම කරුණු මත පදනම්ව හා සී.සී.ටී.වී දර්ශන ඔස්සේ ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව පොලිස් අධිකාරීවරයා සඳහන් කළා.

මේ අතර අවශ්‍ය වුවහොත් යුධ හමුදාව කැඳවීමට පියවර ගන්නා බවද ඔහු වැඩිදුරටත් පවසා සිටියා.

මේ මුහුණු පොතේ හුවමාරු වූ අම්පාර ප්‍රදේශයේ ඡායාරූප කිහිපයක්.

 

 

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!