Gossip

“මිනිස්සු ටිකෙන් ටික වෙනස් වෙමින් සිටී” – මංගල දිනයේදී Thank you card එක වෙනුවට පැලයක් තෑගි දුන් අපූරු යුවළ – Photos

මේ දවස්වල කවුරුත් කතා වෙන්නේ විල්පත්තු වන විනාශය.
ලොකු කුඩා කවුරුත් මේ වෙනුවෙන් කතා කරන්න වගේම පෙරට එන්නත් දෙපාරක් හිතුවේ නෑ.
ඒකට කදිම උදාහරණ අන්තර්ජාලය පුරාම දවස ගාණේ අපිට දකින්න ලැබුණා.
ඒ වෙනුවෙන් විවිධ සංවිධාන පවා පෙරට ආවා.
මේ කියන්න යන්නෙත් රට වෙනුවෙන් අපි වෙනුවෙන් අපූරු වෙනසක් කරපු කතාවක් ගැනයි.
විවාහය.. විවාහය කියන්නේ අද හුගක් අය කෝටි ගණන් සල්ලි වියදම් කරලා රටට ලෝකෙට පේන්න ගන්න උත්සවයක්.
හැබැයි ඒ දේ වෙනස් කරලා මේ වෙද්දි රටේ සිදුවෙමින් පවතින වන සංහාරයට හොද පහරක් එල්ල කරමින් මංගල දිනයේදී දෙන Thank you card අලුත් කරලා පැල තෑගි දුන්නු අපූරු යුවළක් ගැන අපිට අන්තර්ජාලයෙන් දකින්න ලැබුණා.
කසුන් ධනුද්ධර හා කෞෂල්‍යා මධුවන්ති කියන මේ අපූරු මංගල යුවල තමයි මේ වෙනස්ම වටිනාම කටයුත් තරලා තිබුණේ.
පරිසරයට හදවතින් ආදරය කරන මේ වගේ අයත් එක්ක දැන් දැන් හුඟක් අය වෙනස් වෙමින් තිබෙනවා කියලයි අපිටනම් හිතෙන්නේ.
මෙය කිසිදිනක අමතක නොවන විවාහ මංගල්‍යයක් වේවා…

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!