Gossip

පාතාල නායක මාකඳුරේ මධූෂ් සමග සිටි තවත් දෙන්නෙක් පිටුවහල්

මාකදුරේ මදුෂ් සමඟ ඩුබායිහි අත්අඩංගුවේ සිටි තවත් පුද්ගලයින් දෙදෙනෙක් දිවයිනට පැමිණ තිබෙනවා.

ඔවුන් අද අළුයම 4.55 ට පමණ UL-226 දරණ ගුවන් යානයෙන් දිවයිනට පැමිණි බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ.

මෙලෙස පැමිණ ඇත්තේ 48 හැවිරිදි මොහොමඩ් සිද්ධික් මොහොමඩ් සියාම් සහ 40 හැවිරිදි වීරසිංහගේ ලංකා රජිත් පෙරේරා යන අයයි.

ඔවුන් දෙදෙනා කටුනායක ගුවන්තොටුපලින් දිවයිනට පැමිණි පසුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගෙන වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!