Gossip

සංචාරක ව්‍යාපාරයට පාර කියන ඉන්දියාවේ ගම්මාන…

උතුරු කාශ්මීරයේ බණ්ඩිපෝරා දිස්ත්‍රික්කයේ පිහිටා ඇති සූරිමන්ස් ගම්මානය කාශ්මීරයේ, බංග්ලාදේශය ලෙසද හැඳින්වේ.

එය වුලර් විල ඉවුර දිගේ පිහිටා ඇති ආකර්ශනීය ගම්මානයකි.

විශ්මය ජනක ස්වභාවික සුන්දරත්වය සහ මනස්කාන්ත වටපිටාව නිසාම මෙම ගම්මානය සැඟවුණු මැණිකක් ලෙස කාශ්මීරය තුළ සැගව පවතී.

එහෙත් මෙව්වනවිට එය සංචාරකයින් අතර නැරඹිය යුතුම ගමනාන්තයක් ලෙස ඉක්මනින් ජනප්‍රිය වෙමින් පවතින බවක් දක්නට ඇත.

සූරිමන්ස් වෙත පැමිණෙන සංචාරකයින්ට දකුණු ආසියාවේ විශාලතම මිරිදිය විල් වලින් එකක් ලෙස සැලකෙන Wular Lake නරඹන්නන්ට මෙන්ම එහි බෝට්ටු පැදීම, මසුන් ඇල්ලීම සහ කුරුල්ලන් නැරඹීම ඇතුළු පුළුල් පරාසයක ක්‍රියාකාරකම් භුක්ති විඳීමට හැකි විශ්මයජනක පසුබිමක් සපයයි.

ඉන්දියාවේ නන්දෙස සිටින සංචාරකයින් මේවනවිට සූරිමන්ස් ගම්මානයේ සුන්දරත්වය නැරඹීමට පැමිණෙමින් සිටියි.

ඒ හමුවේ ගම්වාසීන්ට ජීවනෝපායන් සඳහා මග පෑදී ඇති අතර ඔවුන් සංචාරක ක්ෂ්‍රේත්‍රය කෙරෙහි බලාපොරොත්තු දල්වා ගෙන සිටියි.

රජය මැදිහත්වී වඩාත් හොඳ පහසුකම් සලසා දී ගම දියුණු කළහොත් සූරිමන්ස් වෙත සංචාරකයන් වැඩි ප්‍රමාණයක් පැමිණෙනු ඇතැයි ගම්මු විශ්වාස කරයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!