Gossip

ආරක්ෂක ලේකම්වරයාට තානාපතිධූරයක්?

ජර්මනියේ නව ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතා පත් කිරීමට බොහෝ දුරට ඉඩ ඇති බව රජයේ ආරංචි මාර්ග පවසනවා.

ඒ දැනට ජර්මනියේ තානාපතිවරයා ලෙස කටයුතු කරන කරුණාතිලක අමුණුගම මහතා විශ්‍රාම ගැනීමෙන් ඇතිවන පුරප්පාඩුව සඳහායි.

කරුණාසේන හෙට්ටිආරච්චි මහතාගේ නම තහවුරු කිරීමට අදාළ ලියකියවිලි ජර්මානු රජය වෙත යවා ඇති බවත් අදාළ ආරංචි මාර්ග සඳහන් කරනවා.

හෙට්ටිආරච්චි මහතා ආරක්ෂක ලේකම් ලෙස වැඩ භාර ගත්තේ 2015 වර්ෂයේ සැප්තැම්බර් මස 09 දිනයේදීයි.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!