Gossip

රඟපාලා ගෙදර ඇවිත් වයිෆ්ව ෂේප් කරගන්නේ කොහොමද කියන ප්‍රශ්නය මට තියෙනවා – Photos

දෙවැනි ඉනිම ටෙලි නාට්‍ය ගැන කතා කරපු ගමන්ම මතකයට එන නමක් තමයි චබියා කියන්නේ.
ඒ තරමටම ඒ නම රසික හදවත් දිනාගෙන අවසන්.
දෙරණ ඩ්‍රීම්ස්ටාර්වලින් ආපු ගායකයෙක් විදිහට රසිකයන් අතරට ආපු ඔහු නමින් කණිෂ්ක ප්‍රසාද්.
කනිෂ්ක, එහෙමත් නැත්නම් අපි කවුරුත් දන්න චබියා ගැන සතිඅන්ත පුවත්පතක පලවී තිබුණු සටහනක් තමයි මේ.

දෙරණ ඩ්‍රීම්ස්ටාර් හරහා කරළියට ආපු කණිෂ්කට දෙවැනි ඉනිමේ චබියා වෙන්න අවස්ථාව ලැබුණේ කොහොමද කියලා මුලින්ම කිව්වොත් ?
මට ‘ඩ්‍රීම් ස්ටාර්’ හයවන අදියරේ පස්වන ස්ථානයයි හිමි වුණේ. ඒ නිසාම හත්වන අදියරේ ආරම්භක අවස්ථාවට ගීත ගායනා කරන්නත් මට අවස්ථාව ලැබුණා.
ඒ අවස්ථාවේ මට දෙරණ ආයතනයේ නියෝජ්‍ය සභාපති ලක්සිරි වික්‍රමගේ මහතාව මුණ ගැහෙන්න අවස්ථාවක් ලැබුණා.
එතකොට මම එතුමාගෙන් මට රඟපාන්න අවස්ථාවක් ලබා දෙන්න කියලා ඉල්ලා සිටියා. කිසිම ලොකුකමක් නැතිව එතුමා මගේ ඉල්ලීමට අවස්ථාවක් දුන්නා. එතැනින් එහාට දෙවැනි ඉනිමේ අධ්‍යක්ෂ සාරංග අයියා හරහා මට චබියා වෙන්න අවස්ථාව ලැබුණා.

කොහොමද දැන් චබියාට ලැබෙන ප්‍රතිචාර?
චබියට අසීමිත ප්‍රතිචාර ලැබෙනවා කිසිම වයස් භේදයකින් තොරව. චබිය නිසා කණිෂ්කට හැමෝම ආදරය කරන්න පටන් අරගෙන. ඒ වගේම චබියා නිසාම කණිෂ්කට පිටරට සංචාර කිහිපයකටත් ආරාධනා ලැබුණා.

රංගන ශිල්පීන් විශාල පිරිසක් දෙවැනි ඉනිමට සම්බන්ධ වෙලා ඉන්නවනේ. ඒ අතරින් ඔබ වඩාත්ම සමීප කාටද?
මගේම අයියා කෙනෙක් වගේ ඉන්න දෙනුවන් අයියට තමයි මම ගොඩක් සමීප.
චබියට මයික් නැතුව ඉන්න බැහැ වගේ කණිෂ්කටත් දෙනුවන් අයියා නැතිව ඉන්න බැහැ. අපි කන්නෙත් එකම බත්පත බෙදාගෙනයි. දෙනුවන් අයියා හරියට මගේම සහෝදරයෙක් වගේ.

ඒ වුණත් කණිෂ්ක ගැහැනු ළමයින්ගෙන් වඩාත්ම ළෙන්ගතු ශනුද්‍රිට කියන්නේ ඇත්තද?
නයනතාරත්, දෙවැනි ඉනිමේ අනෙක් ගැහැනු ළමයිනුත් මගේ හොඳම යාළුවෝ තමයි.
ඒත් මම වැඩිපුරම රඟපාන්න කැමති ශනුද්‍රිත් එක්කයි. ශනුද්‍රි හරියට ‍පොඩි ළමයෙක් වගේ. කලා පවුලකින් ආවා කියලා කිසිම ලොකුකමක් නැහැ. රඟපාන්න හරිම පහසුයි. ඒ නිසා මම ශනුද්‍රි එක්ක රඟපාන්න හරිම කැමතියි.

දැන් කණිෂ්ක නළුවෙක් විදියට ජනප්‍රියයිනේ. එතකොට ඔබ තුළ හිටපු ගායකයාට මොකද වෙන්නේ?
කණිෂ්ක නළුවෙක් වුණෙත් ගායකයෙක් වුණ නිසානේ. ඒ නිසා මම කවදාවත් මා තුළ සිටින ගායකයා නැතිකර ගන්නේ නැහැ. හැබැයි ගායනය සහ රංගනය කියන දෙකටම එකවගේ ආදරේ කරනවා.

කණිෂ්ක ඩ්‍රීම් ස්ටාර් තරුවක් කියලා සමහරු දන්නෙත් චබියා නිසා නේද?
ඔව් ඇත්ත, ඩ්‍රීම් ස්ටාර් ස්ටාර් පස්වන තැන ගත්තා කියලා බොහෝ දෙනා දැන ගත්තෙත් චබියා නිසා තමයි. නමුත් චබියාගෙන් වෙන් වුණාම ගායක කණිෂ්කට ආදරේ කරන පිරිසකුත් ඉන්නවා කියලා නම් කියන්නම ඕනේ.

ඔබේ පෞද්ගලික විස්තර ගැනත් කිව්වොත් ?
අම්මයි, තාත්තයි, අක්කල දෙන්නයි, මමයි පවු‍ලේ ඉන්නේ. මගේ අක්කලා දෙන්නත් ටෙලි නාට්‍ය තේමා ගීත ගායන කරන ගායිකාවන්. මේධා ධනංජනී, කවින්ද්‍රා මධුෂාණි තමයි අක්කලාගේ නම්. අද කණිෂ්කව චබියා කරන්න මගේ දෙමාපියන් වගේම අක්කලා දෙන්නත් විශාල වෙහෙසක් ගත්තා. මේ වෙලාවේ මගේ පසුපස ඉඳන් මට දිරිදෙන මගේ පෙම්වතියවත් මතක් කරන්න ඕනේ.

ඒ කියන්නේ ඔබේ පෙම්වතියත් ඔබ රඟපානවාට කැමතියි?
එයා අකැමැති නෑ. හැබැයි හැම නළුවෙකුටම තියෙන ප්‍රශ්නය මටත් තියෙනවා. මොකක්ද දන්නවද ඒ ප්‍රශ්නේ. රඟපාල ගෙදර ඇවිත් තමන්ගේ වයිෆ්ව ෂේප් කරගන්නේ කොහොමද කියන එක. කෙල්ලෙක්ගේ අතින් ඇල්ලුවත් සමහර වයිෆ්ලා කැමති නෑනේ. මමත් එහෙම කළත් ඒ චබියා මිස, කණිෂ්ක නොවන බව මගේ ආදරවන්තිය හොඳින්ම දන්නවා. අනිත් එක කණිෂ්ක සැබෑ ජීවිතයේදී චබියා නමෛයිනේ. ඔහොම කියලයි මමත් එයාව ෂේප් කර ගන්නේ.

කවදාහරි පෙම්වතිය කිව්වොත් රඟපෑමෙන් අයින් වෙන්න කියලා එතකොට කණිෂ්ක මොකද කරන්නේ?
මම අනිවාර්යයෙන් අයින් වෙනවා. ඒ වුණත් එයා මට කවදාවත් එහෙම කියන්නේ නැහැ. මොකද අපි අතරේ ඒ තරම් ලොකු විශ්වාසයක් තියෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!