Gossip

රටම උණුසුම් කළ මහනුවර සිද්ධියේ අලුත්ම තත්ත්වය මෙන්න – පොලිස් නිලධාරීන් 3000 ක්, යුද හමුදා 2500 ක්, නාවික 600 ක් ආරක්ෂාවට යොදවයි

මහනුවර පරිපාලන දිස්ත්‍රික්කය සඳහා පනවා තිබූ ඇඳිරි නීතිය ඉවත් කර තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ ඊයේ (08) පස්වරු 6.00 සිට පනවා තිබු අදාළ ඇදිරි නීතිය අද පෙරවරු 6.00න් අවසන් වූ බවයි.

පසුගිය හතර වැනිදා සිට දින කිහිපයක් පැවති ගැටුම්කාරී වාතාවරණය හේතුවෙන් මහනුවර පරිපාලන දිස්ත්‍රික්කයට අවස්ථා කිහිපයකදී ඇදිරි නීතිය පැනවුවා.

කලහාකාරී ලෙස හැසිරීම්, ඇදිරි නීතිය උල්ලංඝණය කිරීම්, සහ ගැටුම්වලට මූලිකව කටයුතු කිරීම් යනාදි චෝදනා මත සැකකරුවන් 81 දෙනෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ..

පොලීසිය පැවසුවේ මේ වන විට දිස්ත්‍රික්කයේ සාමකාමී වාතාවරණයක් පවතින බවයි.

ප්‍රදේශයේ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් 3000ක්, යුධ හමුදාවේ 2500ක් සහ නාවික හමුදාවේ 600ක් ඇතුළු ආරක්ෂක අංශ යොදවා තිබේ.

පසුගියදා ඇති වූ සිද්ධීන්වලින් නිවාස හා වෙළෙදසැල්වලට හානි කිරීම් 45ක් වාර්තා වී ඇති අතර පූජණීය ස්ථානවලට අලාභහානි කිරීම් හතරක් ද, වාහන 11කට හානී කිරීම් ද වාර්තා වන බව පොලීසිය පැවසීය.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!