Gossip

“බර අඩුකරගත්තත් මගේ කට පාලනය කරගන්න බැරිවෙයි කියලා බයකුත් තියෙනවා” – කිලෝ 200 ක් බර අඩුකරගත් සුරූපිණියගේ කතාව

අද හුඟක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි තරබාරුකම.
මේ නිසා ලෙඩ රෝගවලටත් මුහුණ දෙන්න සිද්ධ වෙනවා.
වසර ගණනාවක් තිස්සේ අධික තරබාරුව නිසා දුක්වින්ද තරුණියක් ගැනයි අපි මේ කියන්න යන්නේ.
ඇය නමින් Nikki.
අවුරුදු 34 ක් වුණු ඇයගේ බර රාත්තල් 445 ක්.
ඇය කියන්නේ පවුලේ හැමෝම අධික බරින් යුක්ත බවයි.
නමුත් ඊටත් වඩා ඇය බරින් වැඩිවීම ලොකු ප්‍රශ්නයක් වෙලා.
කාලයක් තිස්සේ කෑම පාලනය කළත් බර අඩුවෙලා නැහැ.
මේ ඇය කියූ කතාවයි.
මට මේ බර ලොකු හිසරදයක් වුණා. මම ඒ නිසා මගේ ශරීරයට වේදනා දුන්නා.
මම ඒ හැමදේටම දැන් වෛර කරනවා. මම හිතුවා මේ මගේ සිරුරනේ කියලා. මම කෑමට ඇබ්බැහි වෙලා හිටියේ.
පස්සේ මම ගොඩක් හිතලා තීරණය කළා කෑම විතරක් පාලනය කරලා මේ බර අඩුකරගන්න බැරිබව.
මම ඒ නිසා වෛද්‍යවරයෙක් මුණගැහුණා. ඔහු කිව්වා ඉස්සෙල්ලම කිලෝ 50 ක් අඩුකරගෙන එන්න කියලා. මම ව්‍යායාම කරලා බර අඩු කරගත්තා.
පස්සේ මට සැත්කමක් කළා බර අඩුවෙන්න. ඒ ආහාර ජීරණ පද්ධතිය බද්ධ කිරීමේ සැත්කමක්.
පස්සේ මම සාමාන්‍ය කෙනෙක් වගේ බර අඩුකරගත්තා.
මේකට ගොඩක් පිහිට වුණේ Nowzaradan. මගේ දැන් බර 194 යි.
මගේ බර අඩුවුණත් මගේ කට පාලනය කරගන්න බැරිවෙයිද කියලත් මට බයක් දැනෙනවා. නමුත් මගේ පුරුදු කොහොම හරි මම නැතිකරගන්නවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!