Gossip

චිකන් කරියේ පණුවෝ…අවන්හල් හිමියාගේ බලයෙන් පොලිසියත් නිහඬ වූ හැටි

අවන්හලකින් ආහාර ගන්න මිනිස්සු විශ්වාස කරනවා ගෙවල්වල හදනවා වගේම පිරිසිදු භාවයකින් ඇති කියලා.

එහෙම හිතලා තමයි මිනිස්සූ බඩගින්නට මොනවාහරි කන්න බලන් අවන්හලකට ගොඩවෙන්නේ.

ඒත් ආහාර සපයන අවන්හල් සම්බන්ධයෙන් පසුගිය දවස්වල අහන්න දකින්න ලැබුනේ එතරම් සුභ ආරංචි නෙවෙයි.

අපි මේ කියන්න යන්නෙත් එහෙම කතාවක්.

මේ සිද්ධිය සිදුවෙලා තියෙන්නේ කඳාන නගරයේ අවන්හලකයි.

මේ සිදුවීමට අදාළ විඩියෝවක් නිසා ෆේස්බුක් වැනි සමාජජාලාවලත් මේ පිළිබඳ අතිශය කතාබහට ලක්ව තිබෙනවා.

පුද්ගලයෙකු කුකුල් මස් හොදි මිළදී ගැනීම සදහා ඊයේ රාත්‍රීයේ මෙම හෝටලයට ගොස් තිබෙනවා. කෙසේ නමුත් තමුන් මිළදී ගත් කුකුල් මස් හොද්දේ පණුවන් සිටින බව දුටු මේ පුද්ගලයා පොලිස් හදිසි ඇමතුම් ඒකකය වන 119 අමතා පැමිණිලි ක‍ර තිබෙනවා.

ඉන්පසු පොලීසියෙන් පැමිණියත් ඔවුන් මීට එරෙහිව කිසිදු ක්‍රීයා මාර්ග‍යක් ගෙන නැති බව සිදුවීම ෆේස්බුක් සමාජජාලා වෙබ් අඩවියට එකතු කල තරුණයා සටහනක් එකතු කරමින් සදහන් කර තිබෙනවා.

මේ එම අවස්ථාවේ වීඩියෝවයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!