Gossip

ධනංජය සිරිවර්ධන හොඳම මිතුරා වෙනුවෙන් මුහුණුපොතේ දැම්ම අපූරු සටහන – Photos

ධනංජය සිරිවර්ධන කියන්නේ රසික හදවත් ආදරයෙන් වැළඳගත් ජනප්‍රිය චරිතයක්.
ඉතිං මේ කියන්න යන්නේ ධනංජය සිර්වර්ධන මුහුණුපොතේ දැම්ම සටහනක් ගැනයි.
ඒ තමයි මුහුණුපොතේ ඔහු දැම්ම අපූරු උපන්දින සුබ පැතුමක් ගැන.
තරුණ සංගීතවේදියෙක් වන දිනේෂ් සුබසිංහට ධනංජය විසින් ඡායාරූප කිහිපයක්ද එක්කරමින් සුබපතා තිබුණේ මෙලෙසින්.

මචං දිනේෂ් , මට උඹත් එක්ක ලගින් ඉදං photo එකක් ගන්න ඕනෙ..
මං උඹව දන්නෙ ගොඩ කාලෙකට කලින්. උඹවයි මාවයි වැඩිය කවුරුත් දන්නෙ නැති කාලෙත් අපි අපිව හොදට දන්නවා. එත් අද වගේ දවසක දාන්න වැදගත් selfy එකක් නෑනෙ. හැම photo එකේම උඹ දුරින් ඉන්නේ. එනිසා අනික් දවසෙ හම්බුන ගමන් ඒ වැඩේ කරමු.
හැබැයි මේ වගේ දවසක දාන්නම නෙවෙයි. තව අවුරුදු ගානකට පස්සෙ බලල සතුටු වෙන්න. මොකද මං හැමදාම කියනව වගේ උඹ අපේ කාලෙ musician. ඊටත් වඩා මං ඔයාගෙ fan කෙනෙක්. අද අපි අදහන කේමදාස ඝාන්දර්වයානන් ගේ සමකාලීනයො අඩම්බරෙන් එතුමා ගැන කතා කරනව වගේ තව අවුරුදු ගානකට පස්සේ උඹ ගැන මට කියන්න පුලුවන් . ඒත් එතකොට මිනිස්සු අහයි කෝ ඔයාල ගත්ත selfy කියල. (අපි මේ ගෙවන්නේ selfy යුගය නිසා) එනිසා අපි selfy ගමු.
ලංකාවට ආපු ගමං හම්බෙමු. හොද vine බෝතලයක් අරං වරෙන්.
ඔහ්.. තව පොඩ්ඩෙං අමතක වෙනවා..
උඹට සුබ උපන් දිනක් වේවා!

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!