Gossip

සමයං ගැන කතාකරපු අය රාජකාරිය වෙනුවෙන් දිවිපිදූ දෙදෙනා ගැන කතා කළාද? මෙන්න විස්තර

කළුතර උතුර, මල්වත්ත ප්‍රදේශයේදී පසුගියදා බන්ධනාගාර බස් රථයකට එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් බන්ධනාගාර නියාමකවරයන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයින් 07 දෙනෙකු මියගියා.

මේ සිද්ධියෙන් මිය ගිය අරුණ දමිත් උදයංග පතිරණ නැතහොත්  සමයං ගැන හැමතැනම විවිධ කතිකාවන් ගොඩනැගිලා තියෙනවා. ඒහෙත් තම රාජකාරිය වෙනුවෙන් දිවි පිදූ මේ බන්ධනාගාර නියාමකවරයන් දෙදෙනාගැන කතා කරන්නේ ගොඩක් අඩුවෙන්.

මේ මෙලෙස මියගිය බන්ධනාගාර නියාමකවරයන් දෙදෙනා ගැන සටහනක්.

බන්ධනාගාර නියාමකවරයෙක් විදියට කටයුතු කළ එස්. සන්නිගම් මහතා මෙම සිද්ධියෙන් ජීවිතක්ෂයට පත්වුණා.

මඩකලපුව කාර්තිවු ප්‍රදේශය සිය උපන්ගම කරගත් සන්නිගම් මහතා මියයන විට 23 හැවිරිදි අයෙක්.

කුඩා කළ සිටම මෙම වෘත්තියට ඇලුම්කළ ඔහුට පළමු පත්වීමම ලැබී ඇත්තේ කළුතර බන්ධනාගාරයටයි.

ඒ අනුව සන්නිගම් මහතා බන්ධනාගාර සේවයට බැඳී ඇත්තේ මීට වසරකට ඉහතදීයි.

දෙමවුපියන්ගේ ආශිර්වාදය මැද බන්ධනාගාර වෘත්තියට බැඳුනු ඔහු වසරක කාලයක් ජීවිතය කැප කර ඇත්තේ බන්ධනාගාර සේවයටයි.

කොහොම වුනත් මියගිය එස්. සන්නිගම් මහතාගේ නිසල දේහය ඊයේ දෙමවුපියන්ට භාර දී තිබෙනවා. ඔහුගේ අවසන් කටයුතු බ්‍රහස්පතින්දා සිදු කෙරෙන බවයි වාර්තා වන්නේ.

මෙම සිද්ධියෙන් බන්ධනාගාර ජේලර් එස්.ආර්. විජේරත්න මහතාද ජීවිතක්ෂයට පත්වුණා. මියයන විට ඔහු 53 හැවිරිදි වියේ පසුවුණා.

වාද්දුව ප්‍රදේශයේ පදිංචි විජේරත්න මහතා දරුවන් දෙදෙනෙකුගේ පියෙක්. එක් දරුවෙක් විශ්ව විද්‍යාල අධ්‍යාපනය හදාරමින් සිටින අතර අනෙක් දරුවා මේ වනවිට රැකියාවක නියුතු වනවා.

විජේරත්න මහතා කලුතර බන්ධනාගාරයේ ගිණුම් අංශයේ ප්‍රධාන ජේලර්වරයා ලෙස කටයුතු කළා. සිද්ධිය වූ දිනයේ ජේලර්වරුන් නිවාඩු ගොස් සිටි නිසා විජේරත්න මහතා කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත පිටත් වීමට ගොස් තිබෙනවා.

විජේරත්න මහතා කළුතර බන්ධනාගාරයේ අවුරුදු 15ක් පමණ සේවය කර තිබෙනවා.

ඒ මහතාගේ අවසන් කටයුතු වාද්දුවේදී අද සිදු කිරීමට නියමිතයි.

කෙසේහෝ මෙම වෙඩිතැබීම පතාල කල්ලි දෙකක් අතර කාලයක් තිස්සේ ඇති වූ ගැටුමක ප්‍රතිඵලයක් ලෙස සිදුව ඇති බව මේවනවිට අනාවරණය වී තිබෙනවා. නමුත් මෙම සිද්ධියෙන් මෙවැනි නියාමකවරුන් දෙදෙනෙකුගේ දිවි අහිමි වීම කනගාටුදායක කරුණක්.

16939581_1642631012709756_1923273343760167054_n 16998775_1642181389421385_8484329510009941749_n 16998829_933261456777607_3362425816745672253_n 16999026_1642630996043091_771612569227820007_n 17021791_1336588116404220_7300060373903336734_n 17021906_1621141607914787_5055230029404264602_n 17022375_1642181436088047_8472475473134926136_n 17022406_1642631002709757_3227893824678927460_n

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!