තරු හුට පට

බුදු මැදුරක් ඉල්ලා යාපනය සරසවියේ පෝස්ටර්(ඡායාරූප)

 

cover

 

යාපනය විශ්වවිද්‍යාලය ඉදිරිපස බුදු මැදුරක් ඉදිකළ යුතු බවට ඉල්ලමින් දැන්වීම් පත්‍රිකා රැසක් අලවා තිබෙනවා.

යාපනය විශ්ව විද්‍යාල භූමියේ ස්ථාන රැසක දැකගත හැකි මෙම දැන්වීම් පත්‍රිකා ඊයේ (26) රාත්‍රියේ අලවා ඇති බව ආරංචි මාර්ග පවසයි

විශ්වවිද්‍යාලීය සිංහල ශිෂ්‍ය සංගමය නමින් අදාළ දැන්වීම් පති‍්‍රකා අලවා ඇති බව වාර්තා වෙනවා.

විශ්වවිද්‍යාලීය භූමිය තුළ බුදු මැදුරක්ද නොමැති බවත් ඔවුන් එමගින් පෙන්වා දි තිබෙනවා.

අදාළ දැන්වීම් පති‍්‍රකා ඇලවුයේ කවුරුන්ද යන්න සම්බන්ධයෙන් ස්ථිරව නොදන්නා බවද වාර්තා වෙනවා.

කෙසේ වෙතත් බෞද්ධ ශිෂ්‍ය සංගමයේ කැඳවුම්කරු ආසිරිත් සචිර අදාළ සිද්ධිය තරයේ ප්‍රතික්ෂේප කරනු ලබයි.

යාපනය සරසවිය තුළ අලවා ඇති පෝස්ටර් සඳහා තම සංගමයේ කිසිදු සම්බන්ධතාවයක් නොමැති බව වගකීමෙන් යුතුව ප්‍රකාශ කරන බවත්, එය කිසියම් අන්තවාදී පිරිසකගේ කඩාකප්පාල්කාරී ක්‍රියාවක් බවත් ඔහු වෙබ් ගොපිප් සමඟ සඳහන් කළේය.

 

j1 j2 j3

 

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!