Gossip

ජගත් සංවිධානයේ ලොකු පුටුවකට යන ශ්‍රී ලංකාවේ සුරූපිණිය

එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාගේ තරුණ කටයුතු පිළිබඳ නව නියෝජිත ලෙස ශ්‍රී ලංකාවේ ජයත්මා වික්‍රමනායක මහත්මිය පත්කළ බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසනවා.

එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්තෝනියෝ ගුටරෙස් විසින් අදාළ පත්වීම් සිදුකර ඇති අතර මින් පෙර එම පදවිය හෙබවූයේ ජෝර්දානයේ අහමඩ් අල්හෙන්දාවි විසින්.

ජයත්මා මහත්මිය 1990 වසරේදී උපත ලැබු අතර මේ වන විට 27 හැවිරිදි වියේ පසුවනවා.

අලුත්ගම සංඝමිත්තා බාලිකා විද්‍යාලයෙන් සහ කොළඹ විශාඛා විද්‍යාලයෙන් සිප් සතර හැදෑරූ ඇය කොළඹ විශ්වවිද්‍යාලයේ විද්‍යාවේදී උපාධිධාරිණියක් ද වනවා. එමෙන්ම දැනට ඇය එම විශ්ව විද්‍යාලයේම සංවර්ධන අධ්‍යයන කටයුතු පශ්චාත් උපාධිය හදාරමින් සිටිනවා.

2030 වසර දක්වා වන එක්සත් ජාතීන්ගේ තිරසර සංවර්ධනය සඳහා වූ න්‍යාය පත්‍රයේ සාර්ථකත්වය උදෙසා තාරුණ්‍ය බලගැන්වීම එම සංවිධානය විසින් සිදු කරනු ලබන අතර ඒ යටතේ අදාළ පත්වීම සිදු කර තිබෙනවා.

ජාත්‍යන්තර මට්ටමින් ගෝලීය තරුණ ව්‍යාපාර අවස්ථා කිහිපයකදීම නියෝජනය කර ඇති ජයත්මා වික්‍රමනායක මහත්මිය තරුණ සංවර්ධන ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනය උදෙසාද විශේෂ කාර්යභාරයක් ඉටුකළ චරිතයක් ලෙස හැඳින්වෙනවා.

වයස අවුරුදු 21දී ගෝලීය තරුණ සංවර්ධන වැඩසටහන් නියෝජනය කළ ජයත්මා මහත්මිය ලෝක තරුණ නිපුණතා දිනය ප්‍රකාශයට පත් කිරීම ඇතුළු එක්සත් ජාතින්ගේ ඉහළ පෙළේ වැඩ සටහන් රැසක් සඳහා දායක වූ බවද එක්සත් ජාතීන්ගේ සංවිධානය සඳහන් කර තිබෙනවා.

ඇය තරුණ සංවර්ධනය උදෙසා ශ්‍රී ලංකා තරුණ පාර්ලිමේන්තුව හරහා ජාතික මට්ටමෙන් ද ප්‍රමුඛ කාර්යයක් ඉටු කර ඇති බවද එම සංවිධානය වැඩිදුරටත් කියා සිටීයා.

මේ වනවිට ශ්‍රී ලංකා පරිපාලන සේවා නිලධාරිනියක ලෙස කටයුතු කරන ඇය 2016 සිට 2017 දක්වා කාලය තුළ ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මහලේකම්වරයාගේ ලේකම්වරිය ලෙස ද කටයුතු කළ අතර, ඊට පෙර තරුණ කටයුතු පිළිබඳ ව්‍යාපෘති නිලධාරී වශයෙන්ද ,2014 වසරේදී පැවති ලෝක තරුණ සමුළුවේ ජාත්‍යන්තර තරුණ බලකායේ නායිකාවක ලෙසද කටයුතු කර තිබෙනවා.

19441093_1815808145112996_1909034296_n

19398712_1815808121779665_1441158075_n

19415856_1815808101779667_311156823_n

19398629_1815808078446336_304380201_n

19415747_1815808048446339_777148598_n

19441082_1815808045113006_1462944548_n

19398739_1815808021779675_264265651_n

19416065_1815808041779673_623427398_n

19398735_1815807981779679_1854573562_n

19398639_1815807985113012_213016393_n

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!