Gossip

කට නිසා මාලිංගට යළිත් වැට බැඳෙයි ද? – මෙන්න අලුත්ම කතාව

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමග වාර්ෂික ගිවිසුම් අත්සන් කර ඇති ක්‍රීඩකයන්ට හිතුමතේ මාධ්‍යට ප්‍රකාශ නිකුත් කළ නොහැකි බව ක්‍රිකට් ආයතනය පවසනවා.

එහි උප සභාපති කේ. මතිවානන් පැවසුවේ මාධ්‍යයට කර ඇති ප්‍රකාශය සම්බන්ධයෙන් ඉදිරියේදී කරුණු විමසීමක් සිදුකරනු ඇති බවයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල ඇතුලු පිරිසක් මේ වන විට සිටින්නේ විදෙස් ගතවයි.

ඔවුන් දිවයිනට පැමිනීමෙන් මාලිංගගෙන් කරුණු විමසීමක් සිදුකරනු ඇති.

මාලිංගට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් කැදවීමක් කර ඇතැයි ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබුණා.

එහෙත් තමන් තවමත් එවැනි දෙයක් පිළිබදව නොදන්නා බව කේ. මතිවානන් මහතා සඳහන් කළා.

ක්‍රිකට් බලධාරීන් විවේචනය කරමින් ලසිත් මාලිංග මාධ්‍යයට ප්‍රකාශයක් නිකුත්කර තිබුණා.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!