Gossip

ISIS ප්‍රහාරයක් සැලසුම් කළා කියලා ඕස්ට්‍රේලියානු පොලිසියෙන් අත්අඩංගුවට ගත්ත ශ්‍රී ලාංකික තරුණයාට ඇප හම්බවෙලා

ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර විශ්වවිද්‍යාලයක සේවය කරමින් සිටියදි ත්‍රස්තවාදී චෝදනා මත එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකික තරුණයා ඇප මත නිදහස් කර ඇති බව පවුලේ ඥාතීන් සඳහන් කර තිබෙනවා.

අධ්‍යාපන වීසා මත ඕස්ට්‍රේලියාවේ රැදී සිටින මෙම ශ්‍රී ලාංකික තරුණයා ත්‍රස්තවාදි කටයුතු සම්බන්ධ චෝදනාව යටතේ එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ පසු ගිය මස (30) දිනයේදීයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 25 හැවිරිදි මොහොමඩ් නිසාම්දීන් නැමැති තරුණයායි.

ඕස්ට්‍රේලියානු මාධ්‍ය අනාවරණය කළේ ත්‍රස්ත ප්‍රහාර සඳහා සැලසුම් ඇතුළත් බවට සැකකෙරෙන ලිපිගොනු ඔහු සතුව තිබියදී සොයාගෙන ඇති බවයි.

නිව් සවුත්වෙල්ස් විශ්වවිද්‍යාලයේ කොන්ත්‍රාත් පදනම මත සේවය කර ඇති ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ එම විශ්වවිද්‍යාලයේ සේවකයෙකුගෙන්ම ලැබුණු තොරතුරක් මතයි.

සිඩ්නි නගරයේ වැදගත් ස්ථාන කිහිපයක් පිළිබඳ ප්‍රහාර එල්ල කිරිම සඳහා වන සැලසුම් සහිත සටහන් ඔහුගේ දින පොත් කිහිපයක තිබුණද, සැකකරු ත්‍රස්ත සංවිධානයකට සම්බන්ධ බවට තොරතුරු අනාවරණය වී නොමැති බව එරට පොලීසිය සඳහන් කළා.

ඒ අනුව විශේෂ වරෙන්තුවක් මත පසු ගිය 31වනදා අලුයම මෙම තරුණයා රැදි සිටි ස්ථානය සොදිසි කිරීමේදි විද්‍යුත් උපාංග කිහිපයක්ද ඕස්ට්‍රේලියානු පොලිස් භාරයට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ත්‍රස්ත පනතට අදාළ වැරදි සම්බන්ධයෙන් මෙම ශ්‍රී ලාංකික තරුණයාට එරෙහිව චෝදනා ගොනුකර තිබූ අතර ඔහුට ඇපදීම මීට පෙර එරට අධිකරණය ප්‍රතික්ෂේප කර තිබුණා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!