Gossip

අගමැතිට රාජගිරියේදී රිය අනතුරක් – ආරක්ෂකයන් දෙදෙනෙක් රෝහලේ

රාජගිරිය ප්‍රදේශයේ පැවැති සමීප ඥාතියකුගේ අවමංගල්‍යයකට සහභාගි වී නැවත එම ස්ථානයෙන් පිටතට යෑමට පැමිණි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දෙසට අධික වේගයෙන් පැමිණි යතුරුපැදියක් සිදුකළ අනතුරකින් අග්‍රාමාත්‍යවරයා නූලෙන් බේරී ප්‍රභූ ආරක්‍ෂක නිලධාරීන් දෙදෙනකු තුවාල ලබා පසුගියදා රාත්‍රියේ රෝහල් ගත කර තිබෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රි කුමාර වෙල්ගම මහතාගේ සමීප ඥාතිවරියකගේ අවමංගල්‍යයකට සහභාගි වීම සඳහායි අග්‍රාමාත්‍යවරයා රාජගිරිය ප්‍රදේශයට පැමිණ තිබෙන්නේ.

මෘත දේහයට අවසන් ගෞරව දැක්වූ අග්‍රාමාත්‍යවරයා ටික වේලාවකට පසු නැවත එම නිවෙසින් පිටත්ව යෑමට ඔහුගේ නිල රථයට නැඟීමට පැමිණි මොහොතේදී මේ අනතුර සිදුව ඇති බවට වාර්තා වුණා.

අග්‍රාමාත්‍යවරයාගේ පැමිණීම හේතුවෙන් මළගෙදර පැවැති ප්‍රදේශයට රථ වාහන රාජකාරි සඳහා පොලිස් නිලධාරීන්ද පැමිණ ඇති අතර අග්‍රාමාත්‍යවරයා සිය නිල රථයට නැඟීමට සූදානම් වෙද්දී රාජගිරිය දෙස සිට මොරගස්මුල්ල දෙසට අධික වේගයෙන් යතුරුපැදියක් පැමිණ ඇති බව පොලිසිය සඳහන් කළා.

රථ වාහන රාජකාරිවල නිරත පොලිස් නිලධාරීන් එම යතුරුපැදිය නතර කිරීමට සංඥා කළද පොලිස් සංඥා නොතකමින් ඉදිරියට ඇදුණු යතුරුපැදිය අගමැතිවරයා ආසන්නයේ සිටි ප්‍රභූ ආරක්‍ෂක නිලධාරීන් දෙදෙනකුගේ ඇඟේ හැපී බිම පෙරළී තිබෙනවා. කෙසේවෙතත් අදාළ සිද්ධියෙක් අගමැතිවරයාට හානියක් සිදුව නැහැ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!