Gossip

ජනප්‍රිය ගායන ශිල්පී දමිත් අසංක රක්ෂිත බන්ධනාගාර ගතකරයි – මානසික වෛද්‍යවරයෙකු හමුවට ඉදිරිපත් කිරීමට අධිකරණ නියෝගයක්

ජනප්‍රිය ගායක දමිත් අසංක ලබන මස 09 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

වැලල්වායේ පිහිටි ඔහුගේ නිවසකදී ඊයේ (26) රාත්‍රීයේ මත්ද්‍රව්‍ය භාවිතා කරමින් ඔහු කලහකාරීව හැසිරී ඇති බවයි වාර්තා වුණේ.

ඒ අනුව ප්‍රදේශවාසීන් පොලීසියට කළ දැනුම් දීමක් අනුව ඔහුව අත්අඩංගුවට ගෙන තිබුණා.

පසුව වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඔහුව අද ඉදිරිපත් කළ අතර එහිදී ඔහුව රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස නියෝගයක් දී තිබෙනවා.

රක්ෂිත බන්ධනාගාර ගත කළ පසු ඔහු මොණරාගල බන්ධනාගාරයට රැගෙන ගොස් ඇති අතර දමිත් අසංකව මානසික වෛද්‍යවරයෙකු වෙත යොමු කරන ලෙසටද අධිකරණය නියෝගයක් නිකුත් කොට ඇති බවයි වාර්තා වුණේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!