Gossip

“ඇයි අයියේ මෙහෙම බොරු කරලා නොකියම යන්න ගියේ, ඉන්න තැනක සතුටින් ඉන්න”

නොසිතූ වෙලාවකදි අපේ ළඟින් ඉන්න හිතවතෙක් ජීවතේ දාලා ගියොත් ඒක දරාගන්න ගොඩක් අමාරුයි.
ඒ විදිහට හැමෝම ආදරය කරපු ගත්කතුවරයෙක්, පරිවර්ථකයෙක්, කවියෙක් වුණු ඉන්ධික ගුණවර්ධන පසුගියදා හදිසියේම ජීවිතේ දාලා ගියා.
ඒ හෘදයාබාධයක් නිසා.
ඉන්දික විසින් රචිත හිතේ කෙටූ ටැටූ” නමැති ග්‍රන්ථය නිසාම හැමෝම ඔහුව හදුනගත්තා.
මේ වෙන්වීමත් සමඟ ඔහුට ආදරය කරපු හිතවතුන් මුහුණුපොත පුරාම මේ විදිහට ශෝකය පලකරලා තිබුණා.
එතනදි එක් තරුණියක් සුවිශේෂී සටහනක් තබා තිබුණා. ඒ මෙලෙසින්.

ගිය අවුරුද්දේ උපන්දිනය දවසේ ඔයා මට පොරොන්දු උනා නේද මේ අවුරුද්දේ උපන්දිනේට කේක් දෙනව මයි කියලා ….
මේ ලගට කතා කරපු වෙලෙත් කිව්වා …මතකද
ඇයි අයියේ මෙහෙම බොරු කරලා නොකියම යන්න ගියේ ….
කොහොම අදහන්නද මේ වගෙ දේවල් ,

ලොව ඇත්තේ… යාම්..ඒම් පමනි….
නෑවිත් යන්නට බැරිය….නොගොස් එන්නට බැරිය…..

නොකියා ගිය එකයි වරද…
සුභ ගමන් …
ඉන්න තැනක සතුටින් ඉන්න …
ආයෙත් ඉක්මනට ඇවිත් ලස්සනම ලස්සන කවියක් ලියල යන්න අපිට බලන්න ….

තවත් දරාගත නොහැකි වෙන්වයාමක් ..

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!