Gossip News

ඉන්දියාවේ අභිරහස් ලෙස මිනිසුන් මියයන රෝගය මොකක්ද? මේකත් කොරෝනා වගේ බෝවෙන රෝගයක්ද ?

කොරෝනා වෛරසයෙන් දරුණු ලෙස බැට කා සිටින ඉන්දියාවේ අන්ද්‍රා ප‍්‍රදේශ් ප‍්‍රාන්තයේ ‘එලූරු’ නගරයේ පැතිර යන අභිරහස් රෝගයක් හේතුවෙන් ඊයේ (07) දවල් වන විට එක් අයෙකු මිය ගොස් තිබූ අතර තවත් රෝගීන් 300කට අධික පිරිසක් රෝහල්ගත කර තිබිණි. මෙතෙක් මෙම අභිරහස් රෝගයට හේතු වූ සාධකය හෝ එම රෝගය පිළිබඳ තොරතුරු අනාවරණය වී නොමැත. මෙම රෝගය ජලය විෂවීමක් නිසා සිදු වූවක් බවට බලධාරීහු මුලදී සැක පළ කර තිබුණ ද මේ වන විට එම රෝගය ජලය විෂවීමක් හෝ වායු දූෂණය මත සිදු වූවක් නොවන බව සිදු කළ පරීක්ෂණවලදී හෙළි වී ඇති බව ඉන්දීය නියෝජ්‍ය සෞඛ්‍ය ඇමැති ඒ. කේ. කේ. ශ‍්‍රිනිවාස් ප‍්‍රකාශ කර තිබේ.

මෙතෙක් හඳුනාගෙන ඇති මෙම අභිරහස් රෝගයෙන් පෙළෙන රෝගීන්ගේ රුධිර සාම්පල  රසායනාගාරවල පරීක්ෂාවට ලක් කළ විට ඔවුන්ට කිසිදු වෛරස් ආසාදනයක් වැලඳී නොමැති බව හෙළි වී ඇති අතර ඔවුනට කොරෝනා වෛරසය ද ආසාදනය වී නොමැති බව තහවුරු වී තිබේ. මෙම අභිරහස් රෝගයේ රෝග ලක්ෂණ ලෙස ඔක්කාරය, අලස බව, කිහිපවරක් ඇති වන වලිප්පුව, මොළයේ රසායන අසමතුලිතතාවය, සිහිසුන්ව බිම ඇද වැටීම හා මුඛයෙන් පෙන ආකාරයෙන් සෙම ශ‍්‍රාවය වීම දක්වා තිබේ. ඇතැමුන් තුළ අස්ථි ආබාධ හා මාංශ පේශීන්ගේ වේදනාව ඇති වීම දක්නට ලැබෙන බවත් මේවා අපස්මාර (මීමැස්මොරය) රෝගයේ රෝග ලක්ෂණවලට සමාන වන බව වෛද්‍යවරු පවසති.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!