හෙරොයින් මත්කුඩු කිලෝ ග්රෑම් 13ක් සමග ග්රෑන්ඞ්පාස් ප්රදේශයේදී අත්අඩංගුවට ගත් ප්රධාන සැකකරු ඇතුළු සෙසු පුද්ගලයන්ගෙන් මේ වන විට තොරතුරු රැසක් අනාවරණ වී ඇති බව පොලිසිය පවසනවා.
ප්රධාන සැකකරු වන්නේ “ජපන් චූටි” නැමැති මත්කුඩු ජාවාරම්කරුවෙක්.
හෙරොයින් මත්කුඩු අළෙවියෙන් උපයා ගන්නා මුදල් ඔහු සිය නිවසේ බිත්තියක් සිදුරු කර ඒ තුළ සඟවා තබා ඇති බව විමර්ශනවලදී අනාවරණ වී තිබෙනවා.
එළෙස සඟවා තිබූ රුපියල් මිලියන 36කයට ආසන්න මුදලක් ග්රෑන්ඞ්පාස් ප්රදේශයේ නිවසක තිබී සොයා ගැණුනා. එම නිවස “ජපන් චූටි” නැමැත්තාගේ නිවසට අයත් එකක් බවයි පොලිසිය පවසන්නේ.
විශාල මුදල් ප්රමාණයක් එකවර බැංකු ගිණුමක තැන්පත් කිරිමේ දී සැක මතුවන බැවින් ඔවුන් මෙලෙස මුදල් සඟවා ඇති බවද අනාවරණ වී තිබෙනවා.