Gossip

ක්‍රිකට්වලට වසන්තය ගෙනා හතුරුසිංහ සමඟ මහේලත් එකතු වෙයි – අපේ ටීම් එකට කරන්න හදන අලුත්ම දේ මෙන්න

නිදහස් කුසලානයට ක්‍රීඩා කරන අපේ ටීම් එක ඊයේ නම් කළා.
ඇන්ජලෝ මැතිව්ස් ආබාධයකට ලක්ව සිටින නිසා මෙම තරගාවලියේ නායකයා විදිහට කටයුතු කරන්නේ දිනේෂ් චන්දිමාල්.
ඊයේ නම් කල සංචිතය සඳහා ලසිත් මාලිංගද නම් කර නැති අතර පසුගිය කාලයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ නිත්‍ය ක්‍රීඩකයෙකු වූ නිරෝෂන් දික්වැල්ලද සංචිතය සඳහා නම් කර නැති වීම විශේෂත්වයක්.
මේ ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් කළමනාකරු අසංක ගුරුසිංහ ඊයේ ක්‍රීක්බස් වෙබ් අඩවිය සමඟ අදහස් දක්වා තිබුණා.
“ඇත්තටම ශ්‍රී ලංකා ක්‍රිකට් වලට හොඳ දෙයක් මේක.
අපිට අවශ්‍ය වුනේ මේ තත්වය හදා ගන්න තමයි,දැන් අපේ පිතිකරුවෝ පන්දු යවන්නෝ අතරේ ලොකු තරඟයක් තියනවා,ඒ තරඟය නිසා හැම අවස්ථාවේම ක්‍රීඩකයන්ට දක්ෂතා අතරේ ඉන්න ඕන.
දික්ක එලියට ගිය එක ගැන ඇත්තටම දුකයි,ඒත් කුසල්ගේ පැමිණීම එක්ක කවුරු හරි එළියෙන් තියන්න ඕන.
දික්ක මේ වෙලාවේ සංචිතයේ නැති වුනාට ඔහු අපේ සැලසුම් වල මුල්ම ඉන්න දක්ෂ තරුණ ක්‍රීඩකයෙක්.”
වැඩිදුරටත් අදහද් දක්වමින් අසංක ගුරුසිංහ පැවසුවේ “මාලිංග අන්තිම දවස් කීපයේ T20 තරඟ වල දක්ෂතා පෙන්නුවා තමයි හැබැයි ඔහු පහුගිය මාස 2 බැලුවොත් වැඩිය ක්‍රිකට් ක්‍රීඩා කරලා නෑ.මාලිංග ලොකු සිත් තැවුලෙන් ඉන්නවා කියල මම දන්නවා,ඔහු මාත් එක්කත් කතා කළා,හැබැයි ලක්මාල්,ප්‍රදීප් කණ්ඩායමට පැමිණීම එක්ක මාලිංගට මේ සංචිතයට එන්න අමාරුයි.
අපි එක තරඟාවලියක් ගැන හිතල සැලසුම් හදන්න අවසතාව දෙන්න අමාරුයි .
අපේ සැලසුම තියෙන්නේ ලෝක කුසලානය ඉලක්ක කරගෙන.ඒ නිසා මම හිතන්නේ මාලිංග නැවත දක්ෂතා අතරට ආවොත් කණ්ඩායමට එයි.මාලිංග වුනත් දන්නවා එයා පහුගිය කාලේ හොඳ දක්ෂතා අතරේ හිටියේ නෑ කියල.”
මම දැනටත් කියන්නේ මැතිව්ස් තමයි අපිට ඉන්න හොඳම ක්‍රීඩකයා,මැතිව්ස් නැතිවීම අපිට ලොකු පාඩුවක්.
මැතිව්ස් ගැන අපි වගේම ඔහුත් ගොඩක් හිතන්න ඕන,ඔහුගෙ අබාදය නිතර නිතර එන නිසා මේ තත්වය නිවැරදි කරගන්න ඔනවිදියට තමන්ගේ ක්‍රිකට් ජීවිතය කළමනාකරණය කරගන්න මැතිව්ස් දැනගන්න ඕන.”
ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුවීම් සමඟ පසුගිය දින වල මහේල ජයවර්ධනද එකතු වූ බව ගුරුසිංහ පවසන අතර ඔහුගේ අත්දැකීම් කණ්ඩායමට මහත් ප්‍රයෝජනයක් වනු ඇති බවද ගුරුසිංහ පවසා තිබෙනවා.
“අපි මහේලගෙන් ඉල්ලුව අපේ පුහුණුවීම් එකක් එකතු වෙන්න කියල,ඔහු ගොඩක් කැමැත්තෙන් ඒකට එකඟ වුනා. මහේල කියන්නේ T20 තරඟ කරලා ලබපු අත්දැකීම් වලින් වගේම T20 පුහුණු කිරීම් වලිනුත් උඩම ඉන්න කෙනෙක්, ඒ දේවල් එක්ක මහේලට වඩා හොඳ කෙනෙක් නෑ අපේ අයට උපදෙස් ගන්න.”
මහේල ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුවීම් සමඟ එකතුවී කණ්ඩායමේ ක්‍රීඩකයන්ට පළමු පන්දුවාර හයේ ක්‍රීඩා කල යුතු අකාරය පිළිබඳව විශේෂ උපදෙස් ලබාදුන් බවද ගුරුසිංහ වැඩිදුරටත් පවසා තිිබුණා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!