Gossip

නන්දිකඩාල් කලපුවේ හදිසියේම රතු කොඩි එසෙව්වේ ඇයි? ඇත්තම කතාව මෙන්න

මුලතිව්, වට්ටුවාකල් පාලම ආසන්නයේ නන්දිකඩාල් කලපුවේ අඩි 22 ක උසින් යුතු රතු පැහැති කොඩියක් ඔසවලා තියෙනවා.

ඉතින් මේකේ ඡායාරූපයක් ෆේස්බුක් එකේ හුවමාරු වෙනකොට ගොඩක් අය මේ ගැන දැකලා තිබ්බේ ජාතිවාදී විදියට.

එහෙත් ජනතාව නම් කියලා තියෙන්නේ නන්දිකඩාල් කලපුව හරහා වන වට්ටුවාකල් පාලම අබලන්ව තිබෙන නිසා අදාළ රතු කොඩිය කිසියම් පිරිසක් ඔසවලා කියලායි.

යුද්ධය පැවති සමයේ ඉන් අනතුරුව මීටර 200 ක් පමණ දිගැති වට්ටුවාකල් පාලම නිසි පරිදි සකස් නොකරපු නිසා මාර්ගය හරහා ගමන් කිරීම අවදානම් කියලායි ජනතාව කියලා තියෙන්නේ.

කඩිනම්න් කලපුව හරහා සුදුසු පරිදි පාලමක් සකස් කොට දෙන ලෙසට ජනතාව ඉල්ලීමක් කරලා තියෙනවා.

ඉතින් මොකක්හරි ඡායාරූපයක් සමාජජාල මාධ්‍යයන්වල හුවමාරු වෙනකොට ඇත්තටම ඒ මොකද්ද කියලා මුලින් හොයලා බලන එක තමයි හොඳම දේ කියලා තමයි අපිටනම් කියන්න තියෙන්නේ.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!