Gossip

ජීවිත දෙදරායාම් සමාජය තුළ අනන්තවත් සිදුවනවා, එකට ජීවත් වෙන්න බැරිනම් වෙන්වුණාට වැරදි නැහැ

පුංචි තිරයෙන් රසික හදවත් දිනාගත්තු චරිත දෙකක් තමයි වොල්ගා සහ හර්ෂණ බෙත්මගේ කියන්නේ.
මොවුන්ගේ කැඳැල්ලේ අලුත්ම විස්තර ගැනත් ජීවිතය ගැනත් සතිඅන්ත පුවත්පතකට මේ විදිහට කියලා තිබුුණා.

වොල්ගා සහ හර්ෂණ නළු නිළියන් වීම පෞද්ගලික ජීවිතේට කොයි විදියටද බලපාන්නේ .. ?
මගෙ මහත්තය වුණේ මගේ හොඳම යාළුවා. දෙන්නම දැන අඳුනගත්තෙත් කලාවෙන් .
දෙන්නටම ටෙලි නාට්‍ය ක්ෂේත්‍රය ගැන හොඳ අවබෝධයකුත් තියෙනවා. ඒ නිසා අපි දෙන්නගේ පෞද්ගලික ජීවිතේට නම් දෙන්නම නළු නිළියන් වීමෙන් සිදුවෙලා තියෙන්නේ ලොකු යහපතක්.

හර්ෂණ වොල්ගා සොඳුරු අතීතය සිහිපත් කළොත් .. ?
එතකොට මට අවුරුදු නවයක් විතර ඇති.
හර්ෂණයට දහයක් විස්තර. මම රූපවාහිනියේ “ අතුරු මිතුරු” වැඩ සටහන කරන කා‍ලේ හර්ෂණ “ මුතුහර” වැඩසටහනට ආවා.
ඊට පස්සේ අපි විවිධ නාලිකාවල විවිධ වැඩසටහන්වලටදී හමුවුණා. ධණුක දිල්ෂාන් , මාධව විජේසිංහ, සචිනි නිපුන්සලා අපි හැමෝම හිටියේ එකට.
වසන්ත ඥානප්‍රිය සර් තමයි අපි හැමෝගෙම ගුරුවරයා . ළමා විය, නවයොවුන් විය ඊට පස්සේ තරුණ වයස මමයි හර්ෂණයි හොඳ යාළුවෝ විදියටම හිටියා. ඔය කා‍ලේ සමහර වෙලාවට හර්ෂණ කියනවා “මම කවදාහරි කසාද බඳින්නේ ඔයාව “ කියලා. මම ඒක ගනන් ගත්තේ විහිළුවක් විදියට. “ යනවා යන්න “ කියලා මම ඒ වෙලාවට කියනවා.
ඒත් හර්ෂණ ඒ දේවල් කියල තියෙන්නේ ඇත්තට. කාලයක් ගිහින් හර්ෂණ මට එයාගේ අදහස කෙළින්ම කිව්වා. මම කිව්වා අපේ ගෙදර ඇවිත් අහන්න කියලා. ඒ වෙද්දි අපි දෙන්නගෙ යාළුකම හින්දා අපේ පවුල් දෙකත් හොඳ යාළුවෝ වෙලා හිටියේ . හර්ෂණට අපේ ගෙදර නුහුරු තැනක් ‍නෙවෙයි. එයා කෙළින්ම ඇවිල්ල අපේ අම්මලගෙන් ඇහුවා.
දෙපැත්තෙම අය දෙන්න ගැන දන්න හින්ද දෙපාර්ශ්වයෙන්ම ආශිර්වාදය ලැබුණා. ඊට පස්සේ අපි විවාහ වුණා.

කටකතා කේලම් කැපිලි කෙටිලි කුහකකම් මේ කේෂ්ත්‍රයේ පිරී ඉතිරී ඇති බව සමහරු කියනවා .. ඔය දෙන්නට ඒ වගේ දේවල්වලට මුහුණ දෙන්න සිදුවුණේ නැද්ද .. ?
අපි විවාහවෙන්න යන බව ආරංචි වුණාම සියයට අනූ අටක් සුබපැතුවා .
ආශිර්වාද කළා. ඒත් සියයට දෙකක් ඊර්ෂ්‍යා කළා. ඒ අය හර්ෂණට මම ගැන අඳුන්නල දෙන්න ගියා. ඒත් ඒ වෙද්දි හර්ෂණ මාව හොඳට අඳුනන හින්ද අනිත් අයගේ හඳුන්වාදීම් ප්‍රශ්නයක් කරගත්තේ නැහැ.

නළු නිළියන්ට සාර්ථක පවුල් ජීවිත ගෙවන්න බැරි බවට සමාජය තුළ මතයක් ගොඩනැගෙන තරමටම පසුගිය කා‍ලේ එක දිගට නළු නිළියන් රැසකගේ විවාහයන් දෙදරා ගියා .. නළුවකු හා විවාහ වී සිටින නිළියක ලෙස ඔබගෙන් මේ ගැන අදහසක් විමසීම වටිනවා .. ?
අපි දන්නේ නැහැනේ ඒ අයගේ නොගැළපීම් ගැන . අපි මේ හැමදේම කරන්නේ සතුටින් ඉන්න .
දෙන්නෙකුට එකට ජීවත් වෙන්න බැරිනම් ඒ දෙන්නා වෙන්වුණාට වැරදි නැහැ. ඒ වුණත් ඒ වෙන්වීම් දිහා බලලා නළු නිළියන්ගේ විවාහ ජීවිත අවුල් කියලා තීන්දු තීරණ ගන්න එක වැරදියි. විවාහ ජීවිත දෙදරායාම් සමාජය තුළ අනන්තවත් සිදුවනවා.
නළු නිළියන් ජනප්‍රිය හින්දයි ඒ අය ගැන සමාජයේ අවධානය යොමුවන්නේ . ශ්‍රියන්ත මෙන්ඩිස් කුසුම් රේණු යුවළ බිමල් ජයකොඩි සුජානි මේනකා යුවළ සාර්ථක යුග ජීවිත ගතකරන හැටි අපි දැක තියෙනවා. ඒ නිසා නළු නිළියන්ට සාර්ථක පවුල් ජීවිත ගත කරන්න බැහැ කියන මතයට මමනම් තදින්ම විරුද්ධයි.

හර්ෂණ වොල්ගා කැදැල්ලට පුංචි අමුත්තෙක් එන්නේ නැද්ද දැන්මම ..
කාලය ඒ ප්‍රශ්නයට උත්තර දෙයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!