Gossip

දසුන් නිශාන් මිත්‍රයාගේ අභාවය නිසා දිනේ ටිකක් වෙනස් කරගත්තා – සද්ද නැතිව ගන්න හදපු වෙඩින් එක ගැන හර්ෂ කියපු කතාව

රංගන ශිල්පියෙකු ලෙස සාර්ථක ගමනක් යන හර්ෂ පසුගිය දිනක සිය යුගදිවිය ඇරඹුවා. නර්ථන ක්ෂේත්‍රයෙන් ඉදිරියට ගෙස් සිටින යුවතියකගේ අතගත් හර්ෂ ඒ ගැන සතිඅන්ත පුවත්පතකට කියලා තිබුණ මේ වගේ කතාවක්.

හර්ෂත් එහෙනම් කසාදයක්‌ කරගත්ත?
ඔව්. හැබැයි මම කසාදෙ කරගත්තෙ අද ඊයේ නෙමෙයි. 2014 අවුරුද්දෙ දෙසැම්බර් මාසෙ.

එතකොට මේ ගත්තෙ විවාහ උත්සවේ?
නෑ. මගේ විවාහය වෙනුවෙන් මම උත්සවයක්‌ ගන්න එදා ඉඳලා කැමැත්තක්‌ තිබුණේ නෑ. මගේ බිරිඳ තනුක්‌ෂිත් ඒ විදියමයි.

පහුගිය සතියෙ ඔබ දෙදෙනාගෙ මංගල ඡායාරූප මාධ්‍ය හරහා දකින්න ලැබුණා.?
අපි දෙන්නා සද්ද නොකරම එක වහළක්‌ යටට යන්න හදනවා කියලා අපේ යාළුවො එකතු වෙලා අපිටත් හොරෙන් ෆොටෝ ෂූට්‌ එකක්‌ කරන්න සෙට්‌ කරලා තිබුණා. ඒකට මූණ නොදී ඉන්න අපිට බැරි වුණා.

ඒ කියන්නෙ ඔබලා අකැමැත්තෙන් මේකට සහභාගි වුණා කියලද?
නෑ. ඒ හැමෝම මෙහෙම දෙයක්‌ ලෑස්‌ති කළේ අපේ මිත්‍රත්වය නිසාමනෙ. ඒ නිසා අපි ඒ වෙනුවෙන් පෙනී සිටින්න තීරණය කළා. ඒත් කරන්න හිටපු දිනේ ටිකක්‌ වෙනස්‌ කරගත්තා දසුන් නිශාන් කියන මාගේ දයාබර මිත්‍රයාගේ අභාවය නිසා.

දෙපාර්ශවයේ ඥතීන් මේ කටයුත්තට එකඟ වුණාද?
අපෝ ඔව්. කසාද බඳින දෙන්න උත්සවවලට අකැමැති නම් ඒක බලෙන් කරන්න බැරි දෙයක්‌නෙ. අවශ්‍ය මූලික චාරිත්‍ර හරියට ඉටුකරා. අපේ කැමැත්තට ඉඩ දීලා ඒ හැමෝම අපිට ආශිර්වාද කරා.

බිරිඳ තනුක්‌ෂි හර්ෂට මුණගැහෙන්නේ?
අපි දෙන්නම කැලණිය සරසවියෙ අධ්‍යාපනය ලැබුවනෙ. ඒ දැන හැඳුනුම්කම් ඉතින් විවාහය දක්‌වා අපි අරන් ආවා.

ඇයත් කලා ක්‍ෂේත්‍රයට සම්බන්ධද?
ඔව්. එයා නර්තනය පිළිබඳ වැඩිදුර හදාරලා ඒ අංශයෙන් ඉහළට ගිය කෙනෙක්‌. ඒත් මේ වෙද්දි එයින් ටිකත් ඈත් වෙලයි ඉන්නෙ.

ඒ කියන්නෙ හර්ෂ බිරිඳගෙ නැටිල්ල නැවැත්තුවා.
ඇයි? මම එහෙම කරන්නෙ. ඩාන්සින් කියන්නෙ එයා ආසාවෙන් ඉගෙනගෙන ඉදිරියට ආපු විෂයනෙ. එයාටම හිතිලයි නැටුම් නවත්වලා තියෙන්නෙ.

ඉදිරියේදී ඇයව රංගනයට සම්බන්ධ කර ගන්න අදහසක්‌ නැද්ද?
එහෙම ලොකු ප්ලෑන් අපි ළඟ නෑ පවුල පිටින් රඟපාන්න ඕන කියලා. එයා කොහොමත් කෞශල්‍යා ප්‍රනාන්දුගෙ වර්ක්‌ ෂොප් එකේ ඉන්න කෙනෙක්‌. හැබැයි ප්‍රසිද්ධියට ජනප්‍රියත්වයට අකැමැතියි.

තනුක්‌ෂිට නර්තනය එපා වුණා වගේ හර්ෂට රංගනය එපා වෙයිද?
මේ ෆීල්ඩ් එක එපා වෙන තරමේ ගැටලු ඕන තරම් මතුවෙලා තියෙනවා. ඒත් ඉතින් ආවට ගියාට දාලා යන්න බෑනෙ. ටිකක්‌ ඔලුව ගහගෙන ඉඳලා බලනවා. බැරි වුණොත් ඒකත් ලොකු දෙයක්‌ නෙමෙයි.

ඔබ දැනට රංගන ශිල්පියෙක්‌ විතරමද?
ඔව්. දැනට මම හම්බ කරගෙන කාල ජීවත් වෙන්නෙ මේ තුළින් ලැබෙන දේකින්. ඒත් මගේ උපාධියේ හැටියට මට රජයේ රැකියාවක්‌ හිමි වුණා. ඒකත් අත හැරලයි මම කලාවේ ඉන්නෙ.

රැකියාවක නියැළෙන්න අකැමැතිය වගේ?
ඇත්තටම ඔව්. අම්මයි අප්පච්චියි වගේ උදේ ගිහින් වැඩ කරලා හවස ගෙදර එන විදියට ඒකාකාරී රටාවෙන් මිදිලා නිදහසේ විනෝදෙන් ඉන්න අංශයකට තමයි මම පුංචි කාලෙ ඉඳලා ආසා කළේ. ඒ දේ මට ලැබුණා.

තව ටිකක්‌ තනිකඩව හිටියා නම් හොඳයි කියලා හිතෙන්නෙ නැද්ද?
කවදා හිටියත් ඉතින් කසාදයක්‌ කරගන්න ඕනනෙ. මම හිතන්නෙ ඒකට හොඳම කාලෙ තමයි මේක කියලා.

යුරෝපීය ඇඳුමට වැඩිපුර කඩවසම් ඔබ සරමට බැස්‌සෙ ජනප්‍රිය වෙන්න කියලා කිව්වොත්?
අනවශ්‍ය ජනප්‍රියත්වයට මම අකැමැතිම කෙනෙක්‌. අපි දෙන්නගෙම ඇඳුම් තේරුවෙ යාළුවො. ඒ අනුව ඔවුන් ඇබා ආයතනයෙන් මගේ ඇඳුම් සහ බිරිඳගෙ ඇඳුම් නයෝමා විඡේසිංහගෙන් තෝරලා තිබුණා. ඒ යාළුවො සෙට්‌ එකම යුරෝපීය ඇඳුම් අන්දලා ෆොටෝ ෂූට්‌ එකක්‌ කරන්නත් සැලසුම් කරලා තියෙනවා ඉදිරියේදී තමයි ඒක තියෙන්නෙ.

ඔබ බලාපොරොත්තු වූ සහකාරිය ලැබුණ කියලා හිතනවද?
මම මේ වගේ කෙනෙක්‌ බඳිනවා. එයා මෙහෙම වෙන්න ඕන කියලා හීන මවපු කෙනෙක්‌ නෙමෙයි. නමුත් මට ගැලපෙන කෙනා හඳුන ගෙන ආශ්‍රය කරලා විවාහ වෙන්න වාසනාව උදාවුණා. ඒ ගැන මම තෘප්තිමත්.

සියල්ල අවසානයේ ඔබට දැනෙන දේ ඇත්තටම සතුටුයි.
මමත් තනුක්‌ෂිත් වැඩි සද්ද බද්ද නැතුව බොහොම චාමෙට කරන්න හදපු විවාහය අපේ යාළුවො එකතු වෙලා අලංකාර කරා. ඒ හැමෝටම හදවතින්ම ස්‌තුති කරනවා. ඇඳුම්, ඡායාරූප ශිල්පියා වගේ හැමදේම හොයලා බලලා මේක සැලසුම් කරපු මහ මොළකුරු සුභාෂ් අබේවික්‍රමට ඩබල් තෑන්ක්‌ස්‌.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!