Gossip

කතා කරන්න පුළුවන්, සහකරුගේ හැඟීම් තේරුම් ගන්න පුළුවන් ලොව පළමු රොබෝ ලිංගික සහකාරිය මෙන්න

තාක්ෂණයේ දියුණුවත් එක්කම ලෝකෙට හඳුන්වලා දීපු විවිධ වර්ගයේ රොබෝ කාන්තාවන් ගැන අපි ඔබට ගෙන ආවා.

අපි මේ කියන්න යන්නෙත් එහෙම රොබෝ කාන්තාවක් ගැන. මැය නිළියකටත් වඩා සුන්දර රොබෝ කෙනෙක් කිව්වොත් ඔබ පුදුම වේවි. ඒ තරමටම ඇය සුන්දර තරුණියක්.

විශේෂත්වය වන්නේ අහන දේට පැහැදිලිව පිළිතුරු දෙන්න පුළුවන් රොබෝ කාන්තාවක් වීමයි.

ඒවගේම ලිංගික සහකාරියක් විදියට ඇයව හඳුන්වනවා.

ඇයගේ නම හාර්මනී. සුන්දර තරුණියක් විදියට ඉන්න මැයගේ ඇසිපිය හෙළන විදිය සහ දෙතොල් සහ කොපුල් සෙලවෙන විදිය ටිකක් අමුතුයි.

හාර්මනීගේ 03 වන සංස්කරණය සති තුනක් ඇතුලත එළිදක්වන බව එහි නිෂ්පාදක සමාගම පවසා තිබෙනවා. එම සමාගමේ ප්‍රධාන ඉංජිනේරු මැක් මැක්මලන් පවසන ආකාරයට සුවිශේෂ නවාංග රැසක් හාර්මනී 03 තුළ අන්තර්ගත කරලා තියෙනවා.

ස්පර්ෂ සංවේදක කෘතිම බුද්ධිය සමග මැය නිර්මාණය වෙලා තියෙනවා. එසේම ඇය ලිංගික සංසර්ගයේදී සාමාන්‍ය කාන්තාවක් විදියට හැසිරීමත් මෙහි විශේෂත්වයක්.

ඇයට සහකරුගේ හැඟීම් හැසිරීම් තේරුම් ගැනීමේ හැකියාව සහ ප්‍රතිචාර දක්වන්න පුළුවන්.

නමුත් සහකාරියක් ලෙස නුසුදුසුකම් කිහිපයකුත් තියෙනවා. ඒ තමයි ඇයට ඇවිදීමට නොහැකියි. ගෙදරදොර වැඩ කටයුතු කිරීමට හැකියාවක් නැහැ.

ඒ වගේම ඊර්ෂයාකාරී,ලැජ්ජාශීලී, සංවේදී, මුඛරි කියන පුද්ගල භාවයන් 18කින් මේ රොබෝව තෝරා ගන්න පුළුවන්. ගී ගැයීම වැනි සාහිත්‍යමය හැකියාවන් හෝ විහිලු කිරීමේ හැකියාවන් සහිතවත් ඇයව නිර්මාණය කරන්න පුළුවන්.

හාර්මනී 03, යූරෝ 11,700ක මිලකින් යුක්ත බවත් වාර්තා වනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!