Gossip

අලුත් හොරකමක් පැතිරෙන ලකුණු විජේරාමේ සීසීටීවි දසුන් පෙන්වාදෙයි

ඊයේ අළුයම විජේරාමේ පිහිටි කමියුනිකේෂන් එකකට ඇතුළු වු හොරෙකු කළ වික්‍රමය එහි සීසීටීවී කැමරා වල හරි අපූරුවට සටහන්ව තිබෙනවා.

කමියුනිකේෂන් එක ඉදිරිපස ඇති ලයිට් කණුවකට නැග එයට ඇතුළු වුන මේ හොරාට තවත් සගයෙක් ජංගම දුරකතනයක් මාර්ගයෙන් එළියේ සිට උදව් කරන අයුරු එහි සීසීටීවී කැමරා වල සටහන්ව තිබෙනවා.

කඩ හිමියා පවසන අන්දමට හොරා විසින් කමියුනිකේෂන් එකෙහි තිබුණු කිසිදු වටිනා භාණ්ඩයක් ලබාගෙන නොමැත.

ඒ වගේම සිය කවුන්ටරය අසල මුදල් ප්‍රමාණයක්ද හොරා තබා ගොස් ඇති බව ඔහු වැඩිදුරටත් පවසා සිටියේය.

මෙය එක්තරා විදිහේ අරුමපුදුම හොරකමක ලක්ෂණ පෙන්නුම් කරන නිසා ප්‍රදේශය පුරා විවිධ කටකතා පැතිරෙමින් තිබෙන අතර වැඩිදුර පරීක්ෂණ කටයුතු මේවන විට ආරම්භ කර ඇති බව අනාවරණය වි ඇත.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!