Gossip

හදිසියේම දරු සෙනෙහස මතක් වී ආපු තාත්තා අතහැර ආත්තම්මාව ඉල්ලා හඬපු පුංචි දරුවා

අපි අපේ ජීවිතයේ වැඩිපුරම ආදරේ කාටද කියලා ඇහුවොත් ඔබට විවිධ පිළිතුරු තියෙයි. ඒත් ඒ පිළිතුරු අතර වැඩිපුරම තියෙන්නේ අම්මා හෝ තාත්තාට කියලානේ. නැත්නම් ඒ දෙන්නටම කියලා.

ඒත් පුංචි කා‍ළෙම ඒ අම්මාගෙන් තාත්තාගෙන් ලැබෙන්න ඕන ආදරය නොලැබුනහම ඒ ආදරය වෙන කෙනෙක්ගෙන් බලපොරොත්තු වෙනවා. ඒ කවුරුත් ලඟ නැති වෙලාවේ ලඟින්ම ඉන්න කෙනාට.

අපි මේ කියන්න යන්නේ අම්මා තාත්තා ලඟ නැතුව ආත්තම්මා ලඟ හැදුනු වැඩුනු දරුවෙක්ගේ කතාවක් ගැන.

වසර කිහිපයක සිට මවුපියන් අතර තිබූ විරසකය නිසා දරුවා හැදී වැඩී ඇත්තේ ආත්තම්මා ලඟයි. මීට මාස කිහිපයකට පෙර දරුවාගේ මවත් ඔහුව දමා ගිය පසු ඔහුට සෙනෙහස ආදරය ලැබී ඇත්තේ ආත්තමාගෙනුයි.

කෙසේවෙතත් එක්වරම පියා පැමිණ අයිතිවාසිකම් කියා මේ ආත්තාම්මාගෙන් දරුවා රැගෙන යාමට උත්සාහ දරා තිබෙනවා.

නමුත් මේ ආත්තම්මාගේ සහ දරුවාගේ අපරමිත ආදරය නිසා අවසානයේ එම දරුවා ආත්තම්මා සමග නිවසට පිටත්ව ගොස් තිබෙනවා.

මේ එහි වීඩියෝවයි

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!