Gossip

“මගේ මරණයට කෙල්ල සම්බන්ධ නෑ” – වෙඩි තබාගත් මහින්දේ සිසුවා අවසන්වරට ලියූ ලිපිය මෙන්න  

ගාල්ල මහින්ද විද්‍යාලයේ 11 වන ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ කුමුදිත ආදිත්‍ය ලොකුකරවිට හෙට්ටිආරච්චි (16) නම් සිසුවා පසුගිය 10 වනදා රාත්‍රියේ සිය පියාට අයත් බලපත්‍ර සහිත පතරොම් තුවක්කුවෙන් වෙඩි තබාගෙන සියදිවි හානි කරගෙන තිබුණා.

මේ සිසුවා මියයන්නට කලින් ලියපු ලියුමක් මේ වන විට හමුවී තිබෙනවා.

තමාගේ මරණයට කිසිවෙකුත් වගකිවයුත් නැති බවත් තමා නිසා පවුලේ අය බොහෝ දුක් වින්ද බවත් මෙම සිද්ධිය ප්‍රේම සම්බන්ධයක් නිසා කරගත් දෙයක් බවට නොකියන ලෙසටත් එය මෙයට සම්බන්ධ නැති බවත් මෙවන් පීඩනයක් යටතේ සාමාන්‍ය පෙළ ලිව්වත් ලැබෙන ප්‍රතිඵලය දන්නා බවත් එම ලිපියේ සඳහන් ව තිබෙන බවයි වාර්තා වන්නේ.

මෙලෙස මියගිය සිසුවාගේ පියා ව්‍යාපාරිකයෙකු වන අතර මව ගුරුවරියක් විදියට සේවය කරනවා.

පවුලේ දෙවැනි දරුවා වන කුමුදිත පසුගිය 10 වනදා රාත්‍රියේ නිවස පිටුපස ගසකට හේත්තුවී වෙඩිතබා ගෙන ඇති බවත් නිවැසියන් විසින් ඔහුව  කරාපිටිය රෝහලට ගෙන ගොස්‌ ඇති අතර ඒ වනවිටත් ඔහු මියගොස්‌ සිටියා.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!