Gossip

දක්ෂිණ අධිවේගී මාර්ගයේදී පව පටිසන් දුන්නාද.. ? මාළු සහ උරු මස් ප්‍රවාහන කළ ලොරි රථ දෙකක් උඩු කරනම් ගසයි – Photos

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කිලෝමීටර් 34.9 ආසන්නයේදී ගාල්ල දිසාවට ධාවනය වූ ලොරි දෙකක් එකිනෙක ගැටීමෙන් තිදෙනෙකු තුවාල ලබා රෝහල් කර තිබෙනවා.

ලොරි රියැදුරන් දෙදෙනා හා ලොරි සහයකයා මෙලෙස රෝහල් ගත කර ඇති බවයි පොලිසිය පැවසුවේ.

කොළඹ සිට මාතර කටුවනට ඌරු මස් රැගෙන යමින් තිබූ කුඩා ලොරියට මාලු රැගෙන ඒම සඳහා වැලිගම මිරිස්සට යමින් තිබූ ලොරිය ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.

ලොරි දෙක එකිනෙක ගැටීමෙන් කුඩා ලොරිය මාර්ගයේ පෙරළී ඌරු මස් අධිවේගි මාර්ගයේ මීටර් ගණනාවක් ඈතට තැන තැන විසිරී ඇති අතර මෙම අනතුර හේතුවෙන් අධිවේගී මාර්ගයේ ගාල්ල දෙසට එක් මංතීරුවක් පමණක් විනාඩි කිහිපයකට වාහන ධාවනය තාවකාලිකව අත්හිටවා ඇති බවට ද වාර්තා වනවා.

ඌරු මස් ප්‍රවාහනය කළ ලොරි රථයේ සහයකයාගේ තත්වය බරපතල බවත්, අනතුරින් අධිවේගි මාර්ගයේ ආරක්ෂක වැටට හා ලොරි රථ දෙකට දැඩි අලාභහානි සිදුව තිබෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!