Gossip

GSV තුළින් ඔබගේ නිවස බැලුවේ නැද්ද? ලංකාවේ පට්ට සිදුවීම් රාශීයක් GSV තුළින් හෙළිවෙයි

cover

Google Street  View තුළින් තවමත් ඔබේ ප්‍ර දේශය ගැන බැලුවේ නැද්ද? එහෙනම් ඉක්මනටම බලන්න. මොකද ගෙවල් පැත්තේ සිදුවෙන  හොඳ හොඳ දේවල්  ඔයාලට බලාගන්න පුළුවන්.

Google Street View  මේ ශ්‍රී ලංකාවේ ප්‍රධාන නගර හා මංමාවත් රැසක් මෙම සේවාව හරහා අංශක 360 ක කෝණයකින් නැරඹිය හැකියි.

මෙම සේවාව හඳුන්වාදුන් ලොව 67 වන රට ශ්‍රී ලංකාව වන අතර, පරිගණකය, ටැබ් හෝ ස්මාර්ට් ජංගම දුරකථනවල ස්ට්‍රීට් වීව් සේවාව ක්‍රියාත්මකයි.

maps.google.lk වෙබ් අඩවියට පිවිස ඔබට නැරඹීට අවශ්‍ය ස්ථානය සොයා දකුණු පහළ කෙළවරේ ඇති මිනිස් රුව එබීමෙන් ගූගල් ස්ට්‍රීට් වීව් නැරඹිය හැකියි.

ගූගල් මැප්ස් යෙදුම හරහා ද ස්ට්‍රීට් වීව් ක්‍රියාත්මක අතර දැනට සේවාව ක්‍රියාත්මක මාර්ග නිල් පැහැයෙන් වර්ණ ගන්වා තිබෙනවා.

අංශක 360 ක කෝණයක් රූගත වන විශේෂ කැමරාවක් සවිකළ වාහන මඟින් 2014 වසරේ දෙසැම්බර් මාසයේ සිට ගූගල් ස්ට්‍රීට් වීව් සඳහා ඡායාරූප ලබාගත්තා.

ගූගල් සමාගම සඳහන් කරන්නේ දැනට ශ්‍රී ලංකාව පුරා කිලෝමීටර් 50,000 කට අධික දුරක් ගූගල් ස්ට්‍රීට් වීව් සේවාව හරහා ආවරණය කර ඇති බවයි.

1 2-2 google-map

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!