Gossip

කැලයෙන් සොයාගත් දැරිය වඳුරෙක් වගේ හැසිරෙයි – කුඩා කළ සිටම ඇයව රැකබලාගෙන ඇත්තේ වඳුරු රැළක්

ඉන්දීය – නේපාල දේශසීමාව ආසන්නයේ වනාන්තරයක සිටි වයස අවුරුදු 8 ක විතර ගැහැණු ළමයෙක් හමුවී තිබෙනවා.

මේ දැරියව සොයා ගනිද්දි ඇය සිට ඇත්තේ නිරුවතින් කියලා තමයි ‍විදෙස් මාධ්‍ය සඳහන් කරලා තියෙන්නේ.

මෙහි විශේෂත්වය වන්නේ මේ දැරියගේ හැසිරීම් රටාව තනිකරම වඳුරෙක්ගේ හැසිරීම් රටාව වගේ වීමයි.

ඒ වගේම වඳුරු රැළකුත් මේ ගැහැණු ළමයව කැලෙන් එළියට ගෙනියන්න දීලා නෑ.

ලොකු වෙහෙසක් දැරීමෙන් අනතුරුව තමයි ඇයව මෙහෙම කැලෙන් එළියට අරන් තියෙන්නේ.

කොහොම හරි මේ දැරියව අමාරුවෙන් අල්ලාගෙන කැලෙන් එළියට අරන් ඇවිත් තියෙන්නේ මේ දැරියගේ දැඩි විරෝධය මතයි.

ගාත් සතරෙන් ගමන් කරන සහ වඳුරෙකු වගේ කෑ ගහන මේ දැරිය, රෝහලට ගෙනාවට පසු දීපු ආහාරත් ඇය ප්‍රතික්ෂේප කරලා. මේ දැරිය හැසිරෙන විදිහ අනුව ඇය යන්තම් තේරෙන වයසක ඉඳන්ම ජීවත්වෙලා තියෙන්නේ වඳුරෝ එක්ක කියලයි මේ වෛද්‍යවරු කියන්නේ.

හැබැයි කතාබහ කරන්න ඉගෙනගන්න තරමේ කුඩා දැරියක් තනියම කැලයක දිවි බේරාගෙන හිටිය කියල හිතන්න අමාරු නිසා වඳුරෝ ඇයව රැක බලාගන්න ඇති කියලත් වෛද්‍යවරු කියනවා.

ඒ වගේම මේ දැරියව ආයෙත් මනුෂ්‍යයෙක් විදිහට හැසිරෙන්න පුරුදු කරන්න හුඟක් කල් යයි කියලත් වෛද්‍යවරු කියලා තියනවා. තව ද මේ දැරියගේ භාරකරුවන් ද තවම සොයාගෙන නැති බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සදහන් කර තිබෙනවා.

3f00cccd00000578-4386060-image-a-26_1491480571607 3f00ccd300000578-4386060-image-a-27_1491480620934 3f002a1b00000578-4386060-image-a-62_1491482094203 3f00280600000578-4386060-image-a-56_1491473422043

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!