Gossip

සබීතාගේ ගොඩනැගිල්ල රජයේ සල්ලි කෝටි ගණන් ගිලියි – ඇමති තවමත් නිහඬයි

කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහා කුලියට ලබාගෙන ඇති ගොඩනැගිල්ල මෙතෙක් පාවිච්චියට ගෙන නැතත් පසුගිය මාස 11 ක කාලයක් තුළ රුපියල් කෝටි 27 ක මුදලක් ගෙවා ඇත. මේ තරම් විශාල කුලියක් රජයේ අමාත්‍යාංශයක් සඳහා ගෙවනු ලබන ප්‍රථම අවස්ථාව මෙය බවත් වාර්තා වනවා.

යහපාලනය යටතේ රජය මේ තරම් අතිවිශාල මුදලක් වැය කිරීම බරපතළ විවේචනයකට හේතු වී ඇත. කෝට්ටේ, රාජගිරිය ශ්‍රී ජයවර්ධනපුර මාර්ගයේ අංක 288 දරන ස්ථානයේ මහල් 10 කින් සමන්විත මෙම ගොඩනැගිල්ල සඳහා මාසික කුලිය රුපියල් ලක්ෂ 245 ක්.

සිනමා නිළි සබීතා පෙරේරා මහත්මියගේ සැමියා වන උපාලි ජයසිංහ මහතාට අයත් මෙම ගොඩනැගිල්ල වර්ග අඩි ලක්ෂයක පමණ ප්‍රමාණයකින් යුක්ත වන අතර විශාල ප්‍රමාණයේ රථ ගාලක්ද පවතී. මෙම රථගාලෙහි වාහන 100 කට වැඩි ප්‍රමාණයක් එකවර ගාල්කර තැබිය හැකි බව ද වාර්තා වනවා.

අමාත්‍යංශ සඳහා අධීක්ෂණ කමිටු පත් කිරීමේදී පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ ඉඩකඩ ප්‍රමාණවත් නොවන නිසා ඒ ආසන්නයේ ගොඩනැගිලි ඒ සඳහා යොදා ගැනීමට යෝජනා වී ඇති අතර පාර්ලිමේන්තු බලධාරින් විසින් කරන ලද සොයා බැලීමකට අනුව කෘෂිකර්ම අමාත්‍යාංශය පවතින ගොඩනැගිල්ල ඒ සඳහා යොදා ගැනීමට තීරණය වී තිබෙනවා. එම තීරණය අනුව කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහා විකල්ප ගොඩනැගිල්ලක් වශයෙන් මෙම ජයසිංහ ගොඩනැගිල්ල තෝරාගෙන ඇත.

තවත් විශේෂත්වයක් නම් මෙම ගොඩනැගිල්ලට අත්තිකාරම් වශයෙන් ලක්ෂ 5700 ක මුදලක් ගෙවා තිබීමයි. රජයේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයකුගේ අවශ්‍යතාව මත මෙම ගොඩනැගිල්ල කුලියට ගෙන ඇති බව දැනගන්නට ලැබෙනවා.

මාස 11 ක් තිස්සේ මෙම ගොඩනැගිල්ල අමාත්‍යංශයට සුදුසු පරිදි ඉදිකිරීම් කටයුතු අවසන් කර නොමැති බවද පැවසේ.

අදාළ ගොඩනැගිල්ල සම්බන්ධයෙන් අමාත්‍ය දුමින්ද දිසානායක මහතාගෙන් විමසූ අවස්ථාවේ දී ඔහු කියා ඇත්තේ ඉදිරියේදී සියලු චෝදනාවන්ට පිළිතුරු ලබාදෙන බවයි. නමුත් ඔහු ඒ බව හෙළි කරන්නේ කෙදිනකදීද යන්න සඳහනක් කර නැත.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!