Gossip

හොර රහසේ පෙම්වතා සමඟ හෝටලයේ තනිවන්නට ගිය තරුණිය අවසන් ගමන් යයි

සිය පෙම්වතා සමඟ පමුණුගම ප්‍රදේශයේ ලැගුම් හළක නවාතැන් ගෙන සිටි තරුණියක එහිදී අබිරහස් ලෙස මිය යාම සම්බන්ධයෙන් පැවති පශ්චාත් මරණ පරීක්ෂකවරයා ලබා දී ඇත්තේ විවෘත තීන්දුවකි.
ඒ නිසා ඇගේ මරණය කෙසේ සිදු වී ද යන්න තවමත් නිශ්චිත ලෙස කිව නොහැකිය.
එහෙත් ඇගේ මරණය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් ඇගේ පෙම්වතා බව කියන තරුණයා පමුණුගම පොලිසිය මගින් අධිකරණයට ඉදිරිපත් කරන ලදී.
ඒ තරුණියගේ පියා විසින් තම දියණියගේ මරණය සැක බවට පමුණුගම පොලිසියට කරන ලද පැමිණිල්ලක් හේතුවෙනි. ඇගේ මරණය ස්වභාවික මරණයක් ද? නැතහොත් ඝාතනයක් ද යන්න සම්බන්ධයෙන් කාතුළත් තිබුණේ සැකයකි.
එහෙත් පසුගියදා රාගම මහ රෝහලේදී ඒ සම්බන්ධයෙන් පැවැත් වූ පශ්චාත් මරණ පරීක්ෂණයේදී නම් මේ රූමතියගේ මරණය ඝාතනයක් බවට එකහෙලා කීමට තරම් කිසිම සාක්කියක් මතු වී නොතිබිණි.
ඒ නිසා ඇගේ මරණයේ සැකය තවමත් දුරු වී ඇතැයි කිව නොහැකි බව පොලිසිය කියයි.
අධිකරණ වෛද්‍ය විද්‍යාව අතින් එවන් වාර්තාවක් ලැබුණ ද මියගිය රූමතියගේ පියා මුල සිටම තම දියණියගේ මරණය දෙස සැකයෙන් බැලිය. ඔහු අදටත් සිටින්නේ ඒ මතයේය. ඔහු පොලිසියට දියණියගේ මරණය සැකබවට කියා ඇත්තේ ඒ නිසාය.
මඟ තොටේදී හමු වී කාලයක් තිස්සේ සිය දියණිය සමඟ පේ‍්‍රම සබඳතවයක් පවත්වාගෙන ගිය බව කියන 27 හැවිරිදි තරුණයා කිසිදාක තමන්ට මුහුණ නොදීම නිසා ඔහුගේ මුහුණුවරත් හරි හැටි මතක නැතැයි මියගිය තරුණියගේ පියා කියයි.
මියගිය තරුණිය පදිංචි මිනුවන්ගොඩ ප්‍රදේශයේය. ඒ ප්‍රදේශයේම පදිංචිකරුවකුවන සැකකාර තරුණයා මිතුරන් ඇසුරු කිරීම හා බීමත්කම ආදී කාරණා හේතුවෙන් තම දියණිය සමඟ ප්‍රේම සම්බන්ධයක් පවත්වාගෙන යනවාට තරුණියගේ පියා කැමැත්තක් පෙන්වා නැත.
එහෙත් ඒ අතරතුර මේ දෙදෙනා රහසේ හමුවන්නට ඇති වග මියගිය තරුණියගේ පියාගේ අනුමාන කිරිමයි.
එහෙත් පසුගියදා දියණිය හදිසියේම පමුණුගම හෝටල් කාමරයකදී අසනීප වී රෝහල්ගත කිරීමෙන් පසුව මිය යාමේ ආරංචිය තමන්ට අදහාගත නොහැකි වූ බව කියන ඔහු තම දියණිය රවටාගෙන හෝටල් කාමරයකට කැඳවාගෙන ගිය පෙම්වතා ඇයට අනතුරක් කළා විය හැකි බවට සැක කරයි.
එහෙත් ඔහුත් ඇයත් දෙදෙනාගේම කැමැත්තෙන් පමුණුගම හෝටල් කාමරයට පැමිණි වගක් පෙනේනට තිබුණැයි එම හෝටලයේ සේවකයන් කියයි. ඒ මතය තව දුරටත් තහවුරුවන වගක් පෙනෙන්නට තිබෙන්නේ හෝටල් කාමරය තුළදී සැකකාර තරුණයා මියගිය තරුණියට සාහසික ක්‍රියාවක් සිදු කළ බවට කිසිදු සාක්ෂියක් මෙතෙක් හමු නොවීමයි.
ඇය හිටි හැටියේ අසනීප වීම නිසා ඇයව රෝහල් ගත කොට ඒ බව පොලිසියට පැමිණිලි කොට තිබුණේද සැකකාර තරුණයා විසිනි.
හිටි හැටියේ අසනීප වී අසාධ්‍ය වූ බව කියන ඇය රාගමට නුදුරු ප්‍රදේශයක රජයේ පාසලක පුස්තකාල නිලධාරිණියක් ලෙස සේවය කර ඇත. පියාගේ හා ඥාතීන්ගේ මෙන්ම කාගේත් සැකය දුරු කිරීම සඳහා දියණියගේ මෘත දේහය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණයේදීත් ඇය සහ සැකකරු ලිංගික සබඳතා පැවැත් වූ වගක් හමු නොවීමත් සමඟ මේ අබිරහස් මරණය පිළිබඳ පැවැති කුතුහලය වෙනතකට හැරිණි.
එහෙත් සැකකරු කළ වෙනයම් ආකාරයක බලපෑමකින් රූමතිය මිය ගියේද යන සැකය ද පොලිසිය බැහැර කර නැත. එහෙත් රාගම මහ රෝහලේ අධිකරණ වෛද්‍ය අංශයේදී සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණයෙන් ඒ වගට සැකකළ හැකි කිසිවක් මෙතෙක් හෙළි නොවීම නිසා ඒ සඳහා ලැබී ඇත්තේ විවෘත තීන්දුවකි.
මළ සිරුරේ බාහිරින් මෙන්ම අභ්‍යන්තරවත් මරණීය තුවාල කිසිවක්ම හඳුනා ගැනීමට නොතිබීම ඊට තවත් හේතුවකි.
එහෙත් මෙවන් සැකකටයුතු මරණවලදී සිරුරේ විවිධ අභ්‍යන්තර කොටස් ලබාගෙන ඒවා වැඩිදුර පරීක්ෂණවලට යැවීමට බොහෝ අධිකරණ වෛද්‍යවරු ක්‍රියා කරති.
ඒ නිසා පවතින සැකය තහවුරු කරගැනීම සඳහා එම කොටස් රජයේ රස පරීක්ෂක වෙත යැවීමෙන් පසු ලැබෙන තීන්දුව අනුව ඇගේ මරණයට නිශ්චිත හේතු ලබාදෙනු ඇත.
එහෙත් රජයේ පාසල් පුස්තකාල නිලධාරිණියගේ මරණයට හේතු වුයේ රෝග තත්ත්වයක් නම් ඒ කුමක්දැයි හෙළිදරව් කරගැනීම කළ යුතුව ඇතැයි ඇගේ ඥාතිහු කියති.
ඒ සඳහා වෛද්‍ය විද්‍යාත්මකව වැදගත්වන සිරුරේ විවිධ තරල කොටස් ආදිය ලබාගැනීමෙන් පසුව ඒ ඇසුරින් පරීක්ෂණ පවත්වා වෛද්‍ය වාර්තාවක් නිකුත් කිරීම ටික කලෙකට කල් දැමූ බව රෝහල් ආරංචි මාර්ග කියයි.
මේ දෙදෙනා එක්ව කාමරයක් මිලට ගනු ලැබු පමුණුගම හෝටලය තුලදී කිසියම් තුන්වැනි පාර්ශ්වයක් මියගිය තරුණියට කිට්ටු වුයේ ද යන සැකය පොලිසියට තිබිණි.
එහෙත් ඒ සම්බන්ධයෙන් කරන ලද විමර්ශනවලදීත් තහවුරුව තිබුණේ එහිදී එවැන්නක් ද සිදු වී නැති බවකි. තරුණියක් සහ තරුණයකු කාමරයක් වෙන් කරවාගෙන ඔවුන්ගේ ලෝකවල තනිවන විට ඊට පිටස්තර කිසිවකුටත් ඇතුළු නොවන්නට රැකවල් සලසන වග එම හෝටලයේ කළමනාකාරිත්වය පොලිසියට සහතික කොට ප්‍රකාශ කරන ලද්දක් විය.
මියගිය තරුණියගේ පියා ඇතුළු පවුලේ සියලු දෙනා කුල සිරිත් ගරුකරන සාධාරණව අනුනට කරදරයක් නොවී ජීවත්වීමට වෙරදරන්නන් බව පෙනෙන්නට තිබේ.
එවැනි පවුලක හැදී වැඩී තරුණ වියේදී තරුණයකු සමඟ පෙමින් වෙලුණු මියගිය තරුණියගේ පෙම්වතා සමඟ එකම හෝටල් කාමරයක එකට නැවතුණු මුල්ම වතාව මෙය වීද? ඒ අවස්ථාවේදී ඇයට ඇති වූ නුහුරු හැඟීම් කෙරෙන් ඇති වු කායික හා මානසික පීඩාවත් මේ හදිසි මරණයට බලපෑවේද?
එසේම මවුපියන්ට හොර රහසේ පෙම්වතා සමඟ හෝටලයේ තනිවන්නට එන අතරමග නැතිනම් ඒ හෝටලය තුළ දී කිසියම් නෑසිය හිතවතකු හෝ මිතුරකු ඇයව දුටුවේද?
ඒ වග දුටු ඇය ඒ බවක් මවුපිය ආදීන්ට ආරංචිවේය කියා බියෙන් තැති ගත්තාද?
ඒ අධික තැතිගැන්ම ඇය එක්වරම රෝගි කරන්නට තරම් ප්‍රබල වුයේද? මේ අන්දමට සියක් පැතිවලින් අකාලයේ දිවියෙන් සමුගත් රජයේ පුස්තකාල නිලධාරිණියගේ මරණය දෙස සමාජය නම් බලනු ඇත.
එහෙත් ඒ සියල්ල හුදු සැකකිරීම් පමණක්ම වනු ඇත්තේ සත්‍ය වශයෙන්ම ඇයගේ මරණයට හේතු වූ කරුණු තව ටික කලෙකින් වෛද්‍ය විද්‍යාත්මකව තහවුරු වනතුරු පමණි. එතෙක් අප ඉවසිය යුතුය. මීගමුව කොට්ඨාශ බාර පොලිස් අධිකාරි සේනාරත්න ද සිල්වා මහතාගේ උපදෙස් අනුව මීගමුව සහකාර පොලිස් අධිකාරි ලලිත් රෝහණ ගමගේ මහතාගේ මෙහෙයවීම යටතේ පමුණුගම පොලිස් ස්ථානාධිපති ප්‍රදීප් කුමාර ඇතුළු කණ්ඩායමක් මේ සම්බන්ධයෙන් විමර්ශන සිදු කරයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!