Gossip

විද්‍යා ඝාතනයට හවුල් සැකකරුවෙක් මුදාහරින්න ඇමතිවරියකුත් හවුල් වුනාද? – සම්පූර්ණ විස්තරය මෙන්න

යාපනයේදී ඝාතනයට ලක්වු ශිවයෝගනාදන් විද්‍යා සිසුවියගේ ඝාතනයේ ප්‍රධාන සැකකරු මුදාහැරි බව කියන සිද්ධිය පිළිබඳ අමාත්‍ය විජයකලා මහේෂ්වරන්ගෙන් ප්‍රකාශයක් සටහන් කරගන්නා ලෙසට කයිට්ස් මහේස්ත්‍රාත් එම්. එම්. රියාල් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබෙනවා.

මෙම ඝාතනයේ ප්‍රධාන සැකකරු වු ස්විස් කුමාර් නොහොත් මහාලිංගම් ශෂිකුමාර් නැමැත්තා ප්‍රදේශවාසීන් විසින් අල්ලා විදුලි කණුවක බැඳ සිටියදී ඔහු පොලිසියට භාර නොදී මුදා හැර ඇති බවට ඇමතිවරියට චෝදනා එල්ලවී තිබෙනවා. රක්ෂිත බන්ධනාගාර ගතව පසුවන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ ඔහුගේ නීතිඥයන් කළ කරුණු දැක්වීම මත මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය ලබාදී ඇති බවයි වාර්තා වන්නේ.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ නීතිඥයන් පෙන්වාදී ඇත්තේ මෙම ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකරු ගම්වාසීන් විසින් අල්ලාගෙන සිටියදී ඇමතිවරිය පැමිණ ඔහු බේරාගෙන ගොස් ඇති බවයි. අදාළ සිදුවීම සම්බන්ධයෙන් වන වීඩියෝ පටයක් ද ලලිත් ජයසිංහ වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණයට ඉදිරිපත් කර ඇති බවටද වාර්තා වනවා.

කරුණු සලකා බැලු මහේස්ත්‍රාත්වරයා ඇමතිනි විජයකලා මහේෂ්වරන්ට එරෙහිව ඇති චෝදනා පිළිබඳ විමර්ශනය කරන ලෙසට සහ ඇයගෙන් ප්‍රකාශයක් සටහන් කරගන්නා ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබෙනවා.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!