Gossip

සහෝදරයා බලන්න ගිය කාන්තාවගේ තොලට වෙච්ච දෙයක්

සහෝදරයාගේ බිරියගේ යටි තොල සපා කෑමෙන් තුවාල ලැබූ කාන්තාවක් ඊයේ දිනයේ මහනුවර මහරෝහල වෙත මාරු කර යැවූ බව කෑගල්ල රෝහල් පොලිසිය පවසනවා.

මෙලෙස මහනුවර මහ රෝහලට ඇතුළත් කර ඇත්තේ පින්දෙණිය පොලිස් වසමේ පදිංචි 47 හැවිරිදි විවාහක කාන්තාවක්.

මහනුවර මහ රෝහලේ ප්‍රතිකාර ලබන කාන්තාවගේ වැඩිමහල් සහෝදරයා බැලීමට පසුගිය 25 වනදා නවගමුවේ පිහිටි ඔහුගේ නිවසට ගොස් ඇති අතර එදින රාත්‍රී 07.30ට පමණ සහෝදරයාගේ බිරිය මෙම කාන්තාව සමඟ ආරවුලක් ඇති කර ගෙන තිබෙනවා.

එම අවස්ථාවේදී ඇය අනෙක් කාන්තාවගේ මුඛයේ යටි තොල සපාකෑමෙන් පසු තොලෙන් කැඩුණු කෑල්ල සමග සහෝදරයා විසින් කෑගල්ල මහ රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ.

තුවාල ලැබූ කාන්තාව ඊයේ දිනයේ උදෑසන කෑගල්ල මහ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කෙරුණු අතර වැඩිදුර ප්‍රතිකාර සඳහා මහනුවර මහරෝහල වෙත මාරු කර යවා තිබෙනවා.

 

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!