Gossip

එයා දුෂේනි එක්ක යාළු වෙලා ඉද්දි මට එයාට හොරෙන් කතා කළා- අනුජ්ගේ දැන් පෙම්වතිය දුෂේනි නිසා මට මඩ ගහනවා – ගයාත්‍රී ඩයස්

ගයත්‍රී ඩයස් කියන්නේ ලංකාවේ ඉන්න ජනප්‍රිය චරිතයක්. විවිධ නිර්මාණ වලින් දකින්න ලැබෙන ගයත්‍රී ගැන මේ දවස්වල වැඩිපුර කතා කරනවා. ඒ කටකතාවක් ගැන. සමාජජාල වෙබ් අඩවි පුරා පැතිරෙන මේ කතාවේ ඇත්ත ගැන ගයාත්‍රී මාධ්‍යයට දුන් පිළිතුරයි මේ.

ගයත්‍රීට මේ දවස්වල චෝදනාවක් එල්ල වෙනවා ඔබ වෙනත් තරුණියකගේ පෙම්වතාව ඔබේ පෙම්වතා කරගෙන කියලා. මොකක්ද මේ කතාව..?
ඔව්. එහෙම කතාවක් අන්තර්ජාලය පුරාම යනවා. නමුත් ඒ කතාවේ ඇත්තක් නැහැ. මොකද ඒ ගැහැණු ළමයගේ වයස අවුරුදු 40යි. එයාගේ පෙම්වතා කියන කෙනාට අවුරුදු 22යි. නමුත් එයාගේ ඇත්ත වයස මම දැනගත්තේ පොලිස් පැමිණිල්ල දැම්මට පස්සේ. ඒ පිරිමි ළමයට කියලා තියෙන්නේ වයස අවුරුදු 24යි කියලා.ඒ දෙන්නාගේ සම්බන්ධයක් තිබ්බා කියලා මම දන්නවා. නමුත් මම ඒ තරුණයාව උදුරාගෙන නැහැ. පොඩි කොල්ලෙක්ව උදුරා ගන්න තරම් මට මානසික තත්ත්වයක් නැහැ. ඒක වෙන කෙනෙක්ගේ උවමනාවට වෙන දෙයක්

කාගේ වුවමනාවටද ගයත්‍රිට මඩ වැඩෙන්නේ..?
ඇත්තම කතාව මේකයි. මමයි අනුජ් රණසිංහයි එක්ක අවුරුදු තුනක් විතර කිට්ටු සම්බන්ධකමක් තිබ්බා. ඒක ක්ෂේත්‍රයේ හැමෝම දන්නා දෙයක්. මම එයාට හුගක් උදව් කරලා තියෙනවා. එයත් එහෙමයි. නමුත් එයාට දැන් ගර්ල් ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවා. අලුතින් රගපාන්න ආ ළමයෙක්. දුෂේනි මියුරංගි කියලා. එයා එක්ක සම්බන්ධයක් පටන් ගත්තා කියලා මාව මග අරින්න පටන් ගත්තා අනුජ්. අපි යාළුවෝ කිට්ටුවෙන් ආශ්‍රය කරලා තියෙන නිසා මම එයාගෙන් ඇහුවා කිහිප සැරයක්ම ඇයි මාව මග අරින්නේ කියලා. නමුත් උත්තර දුන්නේ නැහැ. ඒත් එක්කම අර ගර්ල් කතා කරලා එක එක දේවල් මගෙන් අහනවා. මම කිව්වා මට ගන්න එපා කියලා. මම හිතන්නේ ඒ ගර්ල් කියලා ඇති මොකක් හරි. මට කොහොමත් අදාළ නැහැ එයාට කාත් එක්ක සම්බන්ධයක් තිබ්බත්. මේ කතාව පටන් ගන්නේ එතනින් තමයි. ඒ වගේම මේකේ හවුල් කාරයෙක් තමයි අනුජ් කියන්නේ. මේ සිද්ධිය වුණු වෙලාවේ මම අනුජ්ට කතා කරලා කිව්වා ඒ ගර්ල්ට කියලා කරන වැඩ නවත්තන්න කියලා. මොකද එයාගේ හොද යාලුවෙක් නිසා අනුජ් කියන ඕන දෙයක් කරනවා. අනුජ්ගෙන් මට කිසිම උදව්වක් ලැබුණේ නැහැ. මේක එයාගේ වැඩක් නිසා.

ඔය කියන කාන්තාව ගයත්‍රිව හොදින් දන්න කෙනෙක්ද..?
මම එයාව දැන ගන්නෙත් අනුජ් හරහා. ටික කාලෙකට කලින් අනුජ්ගේ ගෙදර පිංකමක් තිබ්බා. මමත් ගියා. ඔය කියන දුනන්‍යා කියන කෙනත් ආවා. ඒ වගේම තව එයාගේ යාළුවෙක් හිටියා දිනේෂ් කියලා. මේ ගර්ල් අමුතු විදිහට හිටපු නිසා මම අනුජ්ගෙන් ඇහුවා එයා කවුද කියලා. එයාගේ යාලුවෙක් කිව්වා. ඒත් එක්කම එයත් මාත් එක්ක එකතු වුණා. මම පැජන්ට් එකට ඉන්දියාවේ ගිය වෙලාවේ එයත් මාත් එක්ක ආවා. එයාගේ මුදල්වලින්ම ටිකට් හදාගෙන.මම එන්න කියලත් නෙමෙයි. මමත් මගේ තනියට එයාව ෂූටින් වලට එහෙම එක්කගෙන යනවා. කිට්ටුවෙන් ඉදලා එහෙම කරා කියන එකත් මටත් පුදුමයි.

ඒ විදිහට ඔබට චෝදනා කරද්දී ඒ ගැන විමසුවේ නැද්ද ඇගෙන්..?
මම එයාට මැසේජ් කළා. එයා ඒකට කැත විදිහට මට උත්තර දුන්නේ. ඒ ක්ලාස් එකට මට වැටෙන්න අවශ්‍ය නැති නිසා මම නිහඩ වුණා. නමුත් මම මේ ගැන සති තුනක් තිස්සේ බලාගෙන නිහඩව හිටියා නමුත් බොරු ෆේස්බුක් ගිණුම් හදාගෙන මට මඩ ගහන එක නතර කරන්නේ නැහැ. ඒ නිසා මම මිරිහාන පොලිසියේ පැමිණිල්ලක් දැම්මා. දැන් ඒක විභාග වෙනවා. ඔය කියන තරුණයා එක්ක මම කතා කරා නම් මම කතා කරලත් තියෙන්න ඕනනේ. මම සියලු ශාක්ෂි CID එකට භාර දුන්නා. ඔය ප්‍රශ්නේ බොරුවක්. බොරුව කාගේද කියලා එළිවෙයි.

ඔබ ඇත්තටම ඔය කියන තරුණයාව දන්නේ නැද්ද..?
මම දන්නේ නැහැ. මම එක දවසක් කතා කළා. මේ සිද්ධිය වෙලාවේ මොකක්ද මේ වෙන්නේ කියලා අහන්න. එච්චරයි. අනිත් එක ඒ ගර්ගේ පෙම්වතා කියලා කියන්නේ රමේෂ් අතළුගම කියන කෙනා. මට අනුජ් උදව් කළේ නැති වුණාට දිනේෂ් විතරයි මේ ප්‍රශ්නෙදි උදව් කළේ. අනුජ් දිනේෂ්ට කතා කරලා කියලා තියෙනවා ගින්නක් නැතුව දුමක් නගින්නේ නැහැනේ. මම ඉන්නකොට නම් ඕවාට ඉඩ දුන්නේ නැහැ. ගහලා හදා ගනින් කියලා. එතකොට අනුජ්ට අනුව මම දිනේෂ්ගේ පෙම්වති වෙලා. එයා කතා කරන්නෙත් මමයි අනුජ් අතරයි ප්‍රේම සම්බන්ධයක් තිබ්බා වගේ. එයාගේ කෙල්ල ළග හොද මිනිහෙක් වෙන්න මාව බොරු කතාවලට පාවලා දෙනවා. අනිත් එක මම ඔය කියන රමේෂ්ව හම්බෙන්න ගියා කියලා අර ගර්ල් කියන දවසේ මම හිටියේ මම කරන සජීවී වැඩසටහනක. ඒ වගේම ඒ පිරිමි ළමයා අන්තර්ජාලයේ ඔන්ලයින් ඉන්නකොට මමත් ඉන්නවලු. අපි චැට් කරනවා කියලත් කියනවා. හරිම බොළද කතා. මට කිසිම අදාලතාවයක් නැහැ. ඒවා මට ඔප්පු කරන්න පුළුවන්.

අනුජ් දැන් ගයත්‍රී එක්ක කතාබහ කරන්නේ නැද්ද..?
එයා දැන් මගේ නම්බර් බ්ලොක් කරලා. මට නම් කොහෙත්ම අදාළ නැහැ. මමත් එයාගේ නම්බර් බ්ලොක් කළා. ඒ වගේ වාසියට වැඩ කරන මිනිස්සු යාළුවො හැටියටත් වැඩක් නැහැ. එයා දුෂේනි එක්ක යාළු වෙලා ඉද්දි මට එයාට හොරෙන් කතා කළා. මම ඒ ගර්ල්ට කිව්වා ඔයාගේ අනුජ්ට කියන්න කියලා මට කතා කරන්න එපා කියලා. මට ඔයාට හොරෙන් කතා කරනවා කියලා.දැන් කතා කරන්නේ නැහැ. අනිත් එක මම මේ ක්ෂේත්‍රයේ අවුරුදු විස්සක් ඉන්නවා. එයාලා කවුද. රඟපාන්න අලුතින් ඇවිත් මට මඩ ගහන්න.

ගයත්‍රී දරුවෝ දෙන්නා එක්ක විදෙස් ගත වෙන බව කිව්වා. දැන් ඒ අදහස වෙනස් වෙලාද..?
ලොකු දුවගේ අධ්‍යාපන වැඩකටයුතු වලට තමයි විදෙස් ගත වෙන්නේ. දැන්ම මම යන්නේ නැහැ. දුව දෙසැම්බර් මාසේ යනවා.මගේ නංගී ඉන්නේ කැනඩාවේ. ඒ නිසා පොඩි දුවත් එහෙ යවන්න ඉන්නේ.

අලුත් නිර්මාණ ගැන කතා කළොත්..?
පහුගිය කාලේ මම චිත්‍රපටි විස්සකට විතර රංගනයෙන් දායකත්වය ලබා දුන්නා.ටෙලි නාට්‍ය කිහිපයකත් රූගත කිරීම් කළා.

නිෂ්පාදනය පැත්තට යොමු වෙනවා කියලත් ආරංචියි..?
ටෙලි නාට්‍යයක් නිෂ්පාදනය කරන්න සැලසුම් කරමින් යනවා. ඒ වගේම චිත්‍රපටියකුත් නිෂ්පාදනය කරන්න ඉන්නේ.

ඔය හැම වැඩක් එක්කම කාර්යබහුල වෙද්දී ඔබට ඔබේ සැමියා චන්න නීති දාන්නේ නැද්ද..?
මම චන්නටවත් එයා මටවත් නීති දාගන්නේ නැහැ. නිදහසේ අපේ වැඩ කරගන්නවා. විවාහ වෙලා අවුරුදු දහයක් යනකල් නම් එයා මට රගපාන්න ඉඩ දුන්නේ නැහැ. ඒක සාධාරණයි. දරුවොත් පොඩි නිසා.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!