Gossip

මහ රෑට ගෑණු ඉන්න ගෙවල් වලට රිංගන රෑ මනමාලයාගේ අමුතු සෙල්ලම

මහ රෑ ගෙවල් වලට ඇතුල් වෙලා එක එක ජාතියේ වැඩ කරන්න හදන, සල්ලි හොරකම් කරන්න හදන මිනිස්සු ගැන අපිට සමාජයේ අහන්න දකින්න ලැබිලා තියෙනවා.  මේ කියන්න යන්නෙත් ඒ වගේ කතාවක් ගැන. සිද්ධිය ආරංචි වෙන්නේ ගම්පොල පැත්තෙන්…

ඔහු ගම්පොළ බෝවල හෙලසිරිගම හා අම්බුළුවාව ප්‍රදේශ තුළ රාත්‍රි කාලයේ නිවෙස්වලට ඇතුළු වෙමින් ප්‍රදේශයේ සැරිසරන නිසා ඒ ගම්වාසීන් මහත් භීතියට පත්වෙලා තියෙනවා.

මේ නිසාම ඔහු ගැන පැමිණිලි 8ක් විතර මේ වෙනකොට පොලිසියෙත් දාලා තියෙනවලු. මෙයා වැඩිපුරම යන්නේ කාන්තාවන් පමණක් සිටින නිවෙස්වලට කියලා තමයි දැනගන්න ලැබෙන්නේ. ඒ විදියට රාත්‍රි කාලයේ ඇතුළු වෙලා නිවෙස්වල ඇති ඉතුරු ආහාර කා දැමීම, ශීතකරණ තුළ ඇති මස්, මාළු, බිත්තර ආදිය රැගෙන යෑම ආදී අමුතු විදියේ වැඩ ටිකක් මෙයා කරනවලු.

ඊට පෙර දවසක අම්බුළුවාව ප්‍රදේශයේ වෙළෙඳසලක නිවෙසකට ජනේලයෙන් ඇතුළුවීමට උත්සාහ ගත් මෙම පුද්ගලයාට වෙළෙඳසල් හිමියා සතු තුවක්කුවෙන් බිය ගැන්වීමට ගත් උත්සාහයත් සමඟ ඔහු කළුගලකින් වෙළෙඳසල් හිමියාට පහරදී පැනලා ගිහින්.

මේ අතර හෙලසිරිගම නිවාසවලට ඇතුළුවීම පිළිබඳ පරීක්ෂා කිරීමට කඩුගන්නාව පොලිසිය නිල සුනඛයන්ද යොදා පරීක්ෂණ අරම්භ කරලා තියෙනවා.
1

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!