Gossip

මම තමයි උඹලගේ ගැලවුම්කාරයා, ඔන්න මම උඹලව පරිසම් කළා, ගල් ගැහුවා, ගෙවල් කුඩු කළා – ගිංතොට වෙච්ච ඇත්තම සිද්ධිය හෙළිවෙයි – Exclusive

ගිංතොට සිද්ධිය ගැන රටේ ලොකු කතාබහක් ඇතිකර තිබෙනවා.
ඊයේ ඇතිවුණු මේ සිද්ධිය නිසා පොලිස් ඇදිරි නීතියත් යොදවන්න පොලිස්පතිවරයා විසින් උපදෙස් ලබාදී තිබුණා.
මේ සිද්ධිය ගැන සමහරු විවිධ කතා කියන්න පටන් ගත්තා.
කොහොම වුණත් මේ සිද්ධියට මුහුණදුන්නු ප්‍රදේශවාසියෙක්ව සම්බන්ධකරගන්න වෙබ් ගොසිප් අපිට පුළුවන් වුණා.
ඔහු අපිට කිව්ව මෙන්න මේ වගේ කතාවක්.
” ඇත්තම කියන්නම් මහත්තයා. ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක් ඉන්නවා. ඡන්දයක් කිට්ටුවෙනකොට ඔහු කරන වැඩක් තමයි මොකක්හරි කෝලහාලයක් ඇති කරන එක.
හැමපාරම සිංහල මුස්ලිම් ප්‍රශ්නයක් ඇති කරනවා. අන්තිමට ගහගන්නවා. පස්සේ මේ මන්ත්‍රීවරයා මැදිහත් වෙලා මේක සමතයකට පත්කරනවා.
පොලිස් පොතේ ලියන්නේ නැතිව වැඩේ ෂේප් කරලා මෙයා කියනවා ඔන්න මම උඹලව පරස්සම් කළා. මම තමයි ගැලවුම්කාරයා කියලා.
වැඩ කරලා ඡන්දේ ගන්න බැරිකම නිසා මේ වගේ දේවල්වලින් තමයි ඡන්දේ දිනන්න හදන්නේ.
හැබැයි මේ පාර ඒක කරන්න් බැරි වුණා. මිනිස්සු වගේම හාමුදුරුවරු කිව්වා මේ දේවල් පොලිස් පොතේ ලියන්න ඕනේ කියලා.
මේ සිද්ධිය පටන් ගත්තේ පෙරේදා. සිංහල ගෙවල් කිහිපයකට ගැහුවා.
පස්සේ මේක පොලිස් පොත්වල ලියලා STF එකත් ඇවිත් සමතයකට පත්කළා.
ඊයේ සිකුරාදනේ. පල්ලි ගිහින් එද්දි ආයෙත් මේක ඇවිලුනා. මොකද පොලිසිය ඉද්දි ඊයේ STF එක ගිහින් තිබුුණේ.
සිංහල මුස්ලිම් දෙගොල්ලොම ගහගන්න පටන් ගත්තා. ගෙවල් කුඩු කළා. ගල් ගැහුවා..
ඇත්තටම සිද්ධ වුණේ ඔන්න ඕකයි. මිනිස්සුන්ව අවුලවලා වාසි බලාගන ඉන්න එක මිනිහෙක් නිසා අද රටේ ජාතිවාදයක් ඇවිස්සෙන තැනට ඇවිත්.”

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!