Gossip

තමන් දැඩිසේ ආදරය කළ පෙම්වතිය මරලා සුනඛයින්ට කන්න දැමූ නරුම පෙම්වතෙක්

තමන් ආදරය කරන කෙනාට කරදරයක් වෙනවා බලන්න කාටවත් බෑ.

අපි මේ කියන්න යන්නේ ඒවගේ ආදරයෙන් රැකබලාගන්න ආදරයක් නෙවෙයි.

කලක් තමන් ආදරය කළ ආදරවන්තිය තවත් මිතුරන් පිරිසක් සමග එක්වෙලා පැහැරගෙන ගොස් දූෂණය කර ඉන් අනතුරුව ඇය ඝාතනයට ලක්කර සිරුර සුනඛයන්ට කෑමට දැමූ පාපතර පුද්ගලයෙකු පිළිබඳ අනුවේදනීය පුවතක් ඉන්දියාවෙන් වාර්තා වනවා.

එදින මෙම එම තරුණිය උදෑසන රැකියාවට යාමට පිටත්වී තිබෙන අතර එය ඇගේ අවසන් ගමනද වුනේ ඇය හෝ කිසිවකු සිහිනෙන්වත් නොසිතු ආකාරයේ මරණයක් ඇයට හිමිකර දෙමිනුයි.

මීට ටික කලකට ඉහත මෙම තරුණිය සිය පෙම්වතාගෙන් ඉවත්ව ඇත්තේ සිය පෞද්ගලික හේතුවක් මතයි. මේ තරුණියගේ වෙන්වීම පිලිබදව ඇයගේ හිටපු පෙම්වතා දැඩි කෝපයකින් සිට ඇති අතර ඇයව පැහැරගැනීමට ලක් කරන්නේ ඒ හේතුව මතයි.

තවත් 06 දෙනෙක් සමග තරුණිය පැහැරගත් මෙම පුද්ගලයා ඇයට වධ හිංසා දෙමින් අමානුෂික ලෙස ඇයව දුෂනයට ලක් කර තිබෙනවා.

ඉන්පසු මෝටර් රථයකට යට කර ඇගේ සිරුර විනාස කර ඇති මොවුන් ඉනුත් නොනැවතී සිරුරේ කොටස් සුනඛයන්ට කෑමට දී තිබෙන්නේ මෙම අපරාධය වසන් කිරීමටයි.

කෙසේ වෙතත් සුනඛයන් කොටස් සපා කෑ තරුණියගේ සිරුර ‍සොයාගත් පොලිසියෙන් ගැලවීමට නම් මේ අපරාධකරුවන්ට අවස්ථාවක් ලැබී නෑ.

ස්ත්‍රී දුෂණ අතින් ලොව ඉහලින්ම සිටින ඉන්දියාව තුල දුෂකයන්ට කොතරම් දඩුවම් පැමිණුවත් තවමත් ස්ත්‍රී දුෂණවල සැලකියයුතු අඩුවක්නම් දක්නට ලැබෙන්නේ නෑ. අපරාධ අඩුකිරීමට දඩුවමට එහා ගිය ක්‍රමයක් අවශ්‍ය බව මේ පුවත් මගින් පෙන්වා දෙනා අතර කෙසේ වෙතත් කොතරම් උපක්‍රම යෙදුවද අපරාධයක් සැඟවිය නොහැකි බවටද මෙය කදිම සාක්ෂියකි.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!