Gossip

තෙල් ගහන්න පෝලිමේ ඉද්දි, අහසින් පාත්වුණා වගේ ආපු ප්‍රභූ රථයකට තෙල් ගහන්න හදපු පොලිසියේ රෙදි ගැලවුණු හැටි – වීඩියෝ

පෙට්‍රල් හිඟය නිසා ජනතාවට කරදර රැසකට මුහුණ දෙන්න සිද්ධවුණා.
ඊයේ දවසෙත් ඉන්ධන පිරවුම්හල්වල දිගු පෝලිම් දකින්න ලැබුණා.
සමහර පිරවුම්හල්වල පෙට්‍රල් නෑ කියලම බෝඩ් ගහලා තිබුණා.
පෙට්‍රල් සීමා සහිතව නිකුත් කරන්න කියලත් තෙල් නීතිගත සංස්ථාව පිරවුම්හල් බලධාරීන්ට දැනුම් දී තිබුණා.
සමහර පිරවුුම්හල්වලට පොලිස් ආරක්ෂාවද යොදවා තිබුණේ පෙම්පකරුවන් සහ පාරිභෝගිකයන් අතර ඇතිවිය හැකි ගැටුම් වලක්වාගැනීම සඳහායි.
ඉන්ධන පිරවුම්හල්වල දිගු පෝලිම් තියෙන අවස්ථාවක එකවරම පොලිස් ආරක්ෂාව යටතේ පැමිණි ප්‍රභූවරයෙකුගේ රථයකට ඉන්ධන ලබාගැනීමට උත්සහ කළ අවස්ථාවේදී ඒ අසල සිටි පුද්ගලයෙක් නිර්භීතව බැන වදිමින් එයට විරෝධය දක්වන අයුරු දැක්වෙන වීඩියෝවක් අපිට ලැබුණා.
එම අවස්ථාවේදී එතැන සිටි කිසිවෙකුගෙන් මේ පුද්ගලයාට සහයක් නොලැබුණත් ඔහු දිගින් දිගටම එයට විරෝධය දැක්වූයේ සියලුම දෙනා වෙනුවෙන්.

එම වීඩියෝව පහතින්…

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!