Gossip

නැව එන තෙක් පෙට්‍රල් හිගයි

ලංකා ඛනිජ තෙල් සංස්‌ථාව සතු ගබඩාවල තිබූ පෙට්‍රල් තොග ඊයේ (6 වැනිදා) දහවල් වන විට සම්පූර්ණයෙන්ම අවසන් වූ බැවින් අද (7 වැනිදා) සිට රට පුරා පෙට්‍රල් බෙදා හැරීම නතර වනු ඇතැයි සංස්‌ථා වෘත්තීය සමිති සඳහන් කරයි.

මේ අනුව ලබන නව වැනිදා මෙරටට ළඟා වීමට නියමිත පෙට්‍රල් නෞකාව දිවයිනට පැමිණෙනතුරු පවතින අර්බුදය දිගින් දිගට ඇදී යනු ඇතැයිද එම වෘත්තීය සමිති පෙන්වා දෙයි.

කෙසේ වෙතත් රට තුළ පවතින පෙට්‍රල් හිඟය සම්බන්ධයෙන් ඊයේ (6 වැනිදා) විශේෂ මාධ්‍ය හමුවක්‌ කැඳවමින් ඉන්දීය ඔයිල් සමාගමට Rජුවම චෝදනා කළ ඛනිජ තෙල් සංවර්ධන ඇමැති අර්ජුන රණතුංග මහතා දැනට සංස්‌ථාව සතු ගබඩා තුළ මෙටි්‍රක්‌ ටොන් දසදහසක පෙට්‍රල් තොගයක්‌ පවතින බවත් ඉන්ධන නෞකාව මෙරටට ළඟා වනතුරු එමගින් පෙට්‍රල් පරිභෝජන අවශ්‍යතාව සපුරා ගතහැකි බවද පැවසීය.

පසුගිය ඔක්‌තෝබර් මස 15 වැනිදා ඉන්දීය ඔයිල් සමාගම මගින් ගෙන්වූ නෞකාවක තිබූ පෙට්‍රල් තොගයක්‌ සංස්‌ථාව ලබා ගැනීමට නියමිතව තිබුණද එම පෙට්‍රල් තොගය ප්‍රමිතියෙන් බාල වීම නිසා ලබාගැනීම ප්‍රතික්‍ෂේප කිරීම හා සංස්‌ථාව ඇනවුම් කළ තෙල් නැවක්‌ ප්‍රමාද වීම හේතුවෙන් මෙම අර්බුදකාරී තත්ත්වය ඇතිවූ බවද ඇමැතිවරයා සඳහන් කළේය.

ඇතිවූ අර්බුදයත් සමඟ විවිධ පාර්ශව විසින් එස්‌එම්එස්‌ පණිවිඩ ඔස්‌සේ රටේ පෙට්‍රල් හිඟයක්‌ පවතින බවට ප්‍රචාරයක්‌ ගෙන යැම නිසා තත්ත්වය තවත් උග්‍ර වූ බවද ඇමැතිවරයා පෙන්වා දුන්නේය.

ඇතිවූ පෙට්‍රල් හිඟය හමුවේ සිදුවුණු අපහසුතාව සම්බන්ධයෙන් තමන් රටේ ජනතාවට කණගාටුව ප්‍රකාශ කරන බවද පැවසීය.

ඇමැතිවරයා එසේ පවසද්දී ඛනිජ තෙල් සංස්‌ථාවේ වෘත්තිය සමිති වැඩිදුරටත් සඳහන් කරන්නේ මීට මාස කිහිපයකට පෙර සංස්‌ථාවේ මුදල් පාලනය මුදල් අමාත්‍යංශය යටතට ගැනුණු බැවින් නිසි කලට අවශ්‍ය පෙට්‍රල් තොග ඇණවුම් කිරීමට සංස්‌ථාව අපොහොසත් වීම සහ මෙම තත්ත්වය හේතුවෙන් සංස්‌ථාවට ඉන්දීය ඔයිල් සමාගමේ පිහිට පැතීමට සිදුවීම අර්බුදයට හේතුවූ වන බවයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!