Gossip

රෝසී – උපේක්ෂා ඇතුළු රැසකට පාර්ලිමේන්තුව අහිමිවෙයි

rose
මෙවර මහමැතිවරණයේ මනාප ප‍්‍රතිඵල අනුව පසුගිය පාර්ලිමේන්තුව නියෝජනය කළ මන්ත‍්‍රීවරුන් රැසක් පරාජයට පත්ව තිබෙනවා. කොළඹ දිස්ත‍්‍රික්කයේ පසුගිය පාර්ලිමේන්තු නියෝජනය කළ එක්සත් ජාතික පක්‍ෂ මන්ත‍්‍රීවරුන් වන රෝසි සේනානායක මහත්මිය මෙවර පරාජයට පත්වුණා.

එක්සත් ජනතා නිදහස් සන්‍ධානයෙන් පසුගිය පාර්ලිමේන්තුවට තේරීපත්වු තිලංග සුමතිපාල සහ ප‍්‍රභා ගනේෂන් යන මහත්වරුන් ද මෙවර පරාජයට පත්වී තිබෙනවා. ගම්පහ දිස්ත‍්‍රික්කයේ එක්සත් ජනතා නිදහස් සන්‍ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් වන ෆීලික්ස් පෙරේරා, පණ්ඩු බණ්ඩාරනායක, සරත්  කුමාර ගුණරත්න, රුවන් රණතුංග, උපේක්‍ෂා ස්වර්ණමාලි යන මෙවර මහමැතිවරණයේ දී පරාජයට පත්වුණා.

කළුතර දිස්ත‍්‍රික්කයේ හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකු වන මහින්ද සමරසිංහ මහතා ද මෙවර පරාජයට පත්වී තිබෙනවා.
හම්බන්තොට දිස්ත‍්‍රික්කයෙන් එක්සත් ජනතා නිදහස් සන්‍ධානය යටතේ තරග කළ හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් වන වී.කේ ඉන්දික සහ නිරූපමා රාජපක්‍ෂ මෙවර පාර්ලිමේන්තුවට තේරීපත්ව නැහැ.

මොණරාගල දිස්ත‍්‍රික්කයෙන් එක්සත් ජනතා නිදහස් සන්‍ධානය යටතේ තරග කළ හිටපු අමාත්‍යවරුන් වන විජිත් විජයමුණි ද සොයිසා සහ ජගත් පුෂ්පකුමාර යන මහත්වරුන් ද පරාජයට පත්වුණා.

මාතලේ දිස්ත‍්‍රික්කයේ සන්‍ධාන ලැයිස්තුවෙන් තරග කළ නන්දිමිත‍්‍ර ඒකනායක සහ රෝහණ දිසානායක මහතාට ද මෙවර පාර්ලිමේන්තුවට තේරීපත්වීමට අවස්ථාව හිමිව නැහැ.

බදුල්ල දිස්ත‍්‍රික්කයෙන් පසුගිය වර පාර්ලිමේන්තුවට තේරීපත්වු මන්ත‍්‍රීවරුන් සිව් දෙනෙකු පරාජයට පත්ව තිබෙනවා. ලක්‍ෂමන් සෙනෙවිරත්න, උදිත් ලොකුබණ්ඩාර, චාමික බුද්ධදාස සහ රෝහණ පුෂ්පකුමාර එම සිව් දෙනායි.

පොළොන්නරුව දිස්ත‍්‍රික්කයෙන් එක්සත් ජනතා නිදහස් සන්‍ධානය යටතේ තරග කළ චන්ද්‍රසිරි සූරියාරච්චි මහතා ද මෙවර පරාජයට පත්ව තිබෙනවා.

මාතර දිස්ත‍්‍රික්කයෙන් පසුගිය පාර්ලිමේන්තුව නියෝජනය කළ ලක්‍ෂමන් යාපා අබේවර්ධන, විජය දහනායක, හේමාල් ගුණසේකර යන මහත්වරුන් ද පරාජයට පත්ව ඇති තවත් අපේක්‍ෂකයින් කිහිපදෙනෙක්.

ත‍්‍රිකුණාමල දිස්ත‍්‍රික්කයෙන් එක්සත් ජාතික පක්‍ෂය යටතේ තරග කළ එම්.එස් තවුෆික් මහතා ද පරාජයට පත්ව තිබෙනවා.

යාපනය දිස්ත‍්‍රික්කයේ මනාප ප‍්‍රතිඵල අනුව සුරේෂ් පේ‍්‍රමචන්ද්‍රන්, මුරුගේසු චන්ද්‍රකුමාර්, සිල්වෙස්ටර් ඇලන්ටින් යන හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ට මෙවර මන්ත‍්‍රීධූර අහිමි වී තිබෙනවා.

ගාල්ල දිස්ත‍්‍රික්කයේ මනාප ප‍්‍රතිඵල අනුව හිටපු අමාත්‍යවරුන් වන පියසේන ගමගේ, ගුණරත්න වීරකෝන් සහ හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී අජිත් කුමාර මහතාට මෙවර පාර්ලිමේන්තු වරම් හිමිව නැහැ.

මහනුවර දිස්ත‍්‍රික්කයේ මනාප ප‍්‍රතිඵල අනුව එස්.බී දිසානායක, එරික් වීරවර්ධන සහ අබ්දුල් කාදර් යන හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් පරාජයට පත්ව තිබෙනවා.

අනුරාධපුර දිස්ත‍්‍රික්කයෙන් එක්සත් ජනතා නිදහස් සන්‍ධානය යටතේ තරග කළ තිස්ස කරල්ලියැද්ද, ඩබ්ලිව්.බී ඒකනායක යන හිටපු මන්ත‍්‍රීවරුන් ද පරාජයට පත්ව තිබෙනවා. පුත්තලම දිස්ත‍්‍රික්කයේ මනාප ප‍්‍රතිඵල අනුව මිල්රෝයි ප‍්‍රනාන්දු, දයාශ‍්‍රීත තිසේරා, නියෝමාල් පෙරේරා සහ වික්ටර් ඇන්ටනී යන හිටපු මන්ත‍්‍රීවරුන් පරාජයට පත්වීමද විශේෂත්වයක්.

කෑගල්ල දිස්ත‍්‍රික්කයේ මනාප  ප‍්‍රතිඵල අනුව හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් අතාවුද සෙනෙවිරත්න, ලලිත් දිසානායක සහ වයි.ජී පද්මසිරි යන මහත්වරුන් පරාජයට පත්වී තිබෙනවා. දිගාමඩුල්ල දිස්ත‍්‍රික්කයෙන් පසුගිය පාර්ලිමේන්තුව නියෝජනය කළ පී. දයාරත්න, සරත් වීරසේකර සහ දෙමළ ජාතික සන්‍ධානයේ එකම සිංහල මන්ත‍්‍රිවරයා වු පී.එච් පියසේන මහතා ද මෙවර පරාජයට පත්වී තිබේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!