Gossip

Dialog Mega වාසනා FM දෙරණ attack show ගැන ඔබ දන්නවාද?

මෙවර Dialog Mega වාසනා FM දෙරණ attack show රසගන්වන්නට එක්වන්නේ ජනප්‍රිය සංගීත කණ්ඩායම් යුගලක් වන Purple range සංගීත කණ්ඩායම හා Sunflower සංගීත කණ්ඩායමයි.

මේ සංගීත කණ්ඩායම් දෙකෙහි ඉතිහාසය ගැන දැන ගන්න හැමෝම කැමති ඇතිනේ. මේ ඔවුන් ගැනයි.

Purple range සංගීත කණ්ඩායම

1998 වර්ෂයේ දකුණුලක දික්වැල්ල ප්‍රදේශයෙන් ආරම්භ වූ Purple range සංගීත කණ්ඩායම ශ්‍රී ලාකීය කණ්ඩායම් සංගීතය තුළ වසර 19 ක් පුරා ඔවුන්ටම අනන්‍ය සංගීත ශෛලියක් තුළින් රසික හදවත් අමන්දානන්දයට පත් කර තිබෙනවා.

දික්වැල්ල කුමාරතුංග මුණිදාස විද්‍යාලයෙන් අධ්‍යාපනය හැදෑරූ සේනක ගිස්බන් පාසල් වියේ සිටම සංගීතයට දැක්වූ දැඩි ඇල්ම නිසාම සකුරා රේන්ජ් සංගීත කණ්ඩායමේ බේස් ගිටාර් වාද්යක ශිල්පියා ලෙස එක් වූ අතර වසර කිහිපයක ඇවෑමෙන් පසු තමන්ගේම සංගීත කණ්ඩායමක් නිර්මාණය කරගැනීමේ සිහිනය සැබෑ කරගනිමින් 1998 වර්ෂයේදී Purple range සංගීත කණ්ඩායම බිහි වුණා.

Purple range ආරම්භයේදීම කණ්ඩායමට එක් වූ චාමර වීරසිංහ, සතුට සුරංග, ඉඳුනිල් අන්ද්‍රමාන හා සේනක ගිස්බන් අදටත් මියුරු හඬින් හා සංගීතයෙන් රසික සිත් ඇද බැඳ ගෙන ඇති අතර මේ වන විට ප්‍රසංග දහසකට වඩා රසගන්වා ඇති Purple range සංගීත කණ්ඩායම කැසට් පට 30 කට පමණ සංගීතයෙන් දායක වී ඇති අතර Purple range සංගීත කණ්ඩායමේ නිත්‍ය ගායකයන් ලෙස, වර්තමානයේ ජනප්‍රියම ගායකයන් වන චාමර වීරසිංහ, කවීෂ කවිරාජ්, ඉඳුනිල් අන්ද්‍රමාන සහ සතුට සුරංග කටයුතු කරන අතර Base guitar වාදනයෙන් සේනක ගිස්බන්, lead guitar නදීක, Drums ධනුෂ්ක, octapad සංජය, keyboard ලක්මාල් සහ ridam guitar වාදක ලෙස ලෙනෙක්ස් මදුරංග කටයුතු කරනවා.

ඉතින් මෙවර Dialog Mega වාසනා FM දෙරණ attack show රසගන්වන සේනක ගිස්බන් ප්‍රමුඛ සංගීත කණ්ඩායමට අපගේ උණුසුම් සුබ පැතුම්.

Sunflower සංගීත කණ්ඩායම

1983 වර්ෂයේ හලාවත මහවැව ප්‍රෙදේශයෙන් ආරම්භ වූ Sunflower සංගීත කණ්ඩායම ශ්‍රී ලාංකීය කණ්ඩායම් සංගීතයේ හැරවුම් ලක්ෂයක් සටහන් කළ අද්විතීය සංගීත කණ්ඩායමක් ලෙස හඳුන්වන්න පුළුවන්.

වසර 34 ක් පුරාවට තම ජනප්‍රියත්වය අඛණ්ඩව රඳවා ගනිමින් රසික හදවත් තුළ අංක 1 සංගීත කණ්ඩායම ලෙස රැඳීමට ඔවුන් සමත්වී ඇති අතර මේ වන විට කැසට් පට 210 කට පමණ සංගීතය සපයා ඇති Sunflower සංගීත කණ්ඩායම ශ්‍රී ලාංකීය කණ්ඩායම් සංගීතයේ වාර්තාවකටද හිමිකම් කියනවා.

කොළඹ තර්ස්ටන් විද්‍යාලයෙන් අධ්‍යාපනය හැදෑරූ නීල් වර්ණකුලසූරිය, 1976 වර්ෂයේ සිට විවිධ නාමයන් යටතේ සංගීත කණ්ඩායම් කිහිපයකට සම්බන්ධවී සිටියද තම මිතුරන් වන නෙල්සන් වාස්, අර්නි පීරිස්, අතුල අධිකාරි, අයිවෝ ඞී මෙල්, කිරතඅරස්ටෝෆර් ලියනගේ සහ ලූෂන් අලහකෝන් සමග 1983 වර්ෂයේදී Sunflower සංගීත කණ්ඩායම පිහිටුවා තිබෙනවා.

ශ්‍රී ලාංකීය කණ්ඩායම් සංගීත කලාව තුළ නිබඳ අපගේ මුවග රැඳෙන ගීත ගණනාවක හිමිකරුවන් වන ඔවුන් විසින් හඳුන්වාදුන් ඉලෙක්ට්‍රොනික සංගීත රිද්මයන් හා රටාවන් අදටද වර්තමාන සංගීත කණ්ඩායම් බොහෝමයක් අනුගමනය කරනවා.

Sunflower සංගීත කණ්ඩායමේ නිත්‍ය ගායන ශීල්පීන් ලෙස නෙල්සන් වාස්, කසුන්, සුරංග කටයුතු කරන අතර ridam guitar – සුදත් නාවලගේ, electronic drums – පරන භාත්, Acoustic Drums – දන්ගා, octapad – අනුරුද්ධ, keyboard – දිනේෂ් සහ lead guitar වාදක ලෙස චලන කටයුතු කරනවා.

මෙවර DIALOG Mega වාසනා FM දෙරණ attack show රසගන්වන නීල් වර්ණකුලසූරිය ප්‍රමුඛ Sunflower සංගීත කණ්ඩායමටත් අපගේ උණුසුම් සුබ පැතුම් එක්කරනවා.

ඉතින් මාර්තු 31 වෙනිදාට මහනුවර කුණ්ඩසාලේ එස්.ඩබ්ලිව්.ආර්.ඩී බණ්ඩාරණායක විද්‍යාලීය ක්‍රීඩාංගණයට පැමිණෙන ඔබට ලංකේය සංගීත ක්ෂේත්‍රයේ සංගීත කණ්ඩායම් දෙකක් වන Purple range හා Sunflower සංගීත කණ්ඩායම් එකම වේදිකාවක කරට කර ගැටෙන හැටි බලාගන්න පුළුවන්. මේ කර්තව්‍යයට ප්‍රධාන අනුග්‍රහය Dialog Mega වාසනා බවත් මතක් කරන්න ඕන.

16473127_1347579008642992_7976055542339213879_n 16602628_1347572058643687_3314156357340209391_n

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!