Gossip

සැත්කමක් නිසා අධික ලෙස තරබාරු වී අසරණ වුණු දරුවාගේ සංවේදී කතාව

හදවතේ සිදුරක් ඇති බවට වෛද්‍ය වාර්තාවලින් අනාවරණය වූ පසු සිදු කළ සැත්කමකින් පසුව අධික ලෙස තරබාරු වූ දරුවෙකු පිළිබඳ දෙල්තොට හයික්වත්ත ප්‍රදේශයන් වාර්තා වනවා.

ආර්.එස් ධනුෂ්කන් නැමැති 12 හැවිරිදි සිසුවෙකුයි මේ සිද්ධියට මුහුණ පා ඇත්තේ.

සහෝදර සහෝදරියන් තිදෙනෙකුගෙන් යුත් පවුලක වැඩිමහල් දරුවා වන්නේද ධනුෂ්කන්.

වයස අවුරුදු 06 දී පමණ යම් රෝගී තත්වයක් හේතුවෙන් මහනුවර සහ ශ්‍රී ජයවර්ධනපුර රෝහල්වලින් ප්‍රතිකාර ලබාගෙන ඇති අතර එහිදී අනාවරණ වී ඇත්තේ එම දරුවාගේ හදවතේ සිදුරක් ඇති බවයි.

ඉන් අනතුරුව කළ සැත්කමෙන් පසුව මෙම දරුවා මෙලෙස තරබාරු වූ බවයි දෙමාපියන් පවසා ඇත්තේ.

මේ තත්වය නිසා මෙම දරුවාට පාසල් යාමට පවා නොහැකි තත්වයක් උද්ගත වී තිබෙන අතර ආර්ථික දුෂ්කරතා නිසා ඔහුට ප්‍රතිකාර කිරීමට පවා අසීරු වී තිබෙන බවත් ධනුෂ්කන්ගේ දෙමාපියන් වැඩිදුරටත් පවසනවා.

ඔවුන්ගේ කාරුණික ඉල්ලීම වන්නේ ආර්ථික අපහසුතා නිසා ඔවුන්ගේ දරුවා වන ධනුෂ්කන් වෙනුවෙන් හෝ යම් කිසි සහනයක් බලාපොරෝත්තු වන බවයි.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!