තරු හුට පට

ලංකාවේ බිහිසුණුම ගුවන් අනතුර සිදුවී අදට වසර 41යි(ඡායාරූප)

cover
ශ්‍රී ලංකාවේ  මෙතෙක් සිදුවු බිහිසුණුම ගුවන් අනතුර සිදුවි අදට වසර හතළිස් එකක් සපිරෙනවා.

1974.12.04 වන දින මක්කම බලා පියාසර කරමින් තිබු ඕලන්ද රාජ්‍යයට අයත් මාර්ටින් එයාර් ඩි.සි 8 ගුවන් යානය ඉන්දුනීසියාවේ  සුරවෙයාර් ගුවන් තොටුපලින් වන්දනාකරුවන් එකසිය අසු දෙකක් හා කාර්මණ්ඩලය නව දෙනෙකු රැගෙන පියාසර කරමින් තිබුණි.

මෙම ගුවන් යානය ආගරපතන, නෝර්වුඩි කාසල්රි ජලාශයට ඉහළින් පියාසර කරමින් තිබියෙදි එදින රාත්‍රී  10.10ට පමණ නෝර්ටන බ්‍රිජ් පොලිස් වසමට අයත් ටෙබර්ටන් වතුයායට ඉහළීන් පිහිටි සවප්ත කන්‍යා කන්දේ හැපි එම ගුවන්යානයේ සිටි 191 දෙනෙක් ජිවතක්ෂයට පත්වි තිබෙනවා.

කන්ද පාමුල සිරුරු කිහිපයකුත් සවප්ත කන්‍යා කන්ද ඉහලේ තවත් සිරුරු කිහිපයකුත් වැටි තිබි සොයාගෙන තිබෙනවා.

පසුව ඉන් සිරුරු 190 ක් සවප්ත කන්‍යා කන්ද පාමුල මිහිදන්කර ඇති අතර, එම ගුවන්යානයේ ගුවන් සේවිකාවකගේ සිරුර පමණක් ඇගේ පෙමිවතා ඉන්දුනිසියාවේ සිට හෙලිකොප්ටර් යානයකින් මෙරටට පැමිණ ඉන්දුනිසියාවට රැගෙන ගිය බව මෙම ගුවන් අනතුර සියසින් දුටු  ප්‍රදේශවාසින් පවසන්නේ.

එම ගුවන්යානයේ තිබු අමතර කොටස් කුඩා කැබලි වලට කැඩි වැටි තිබු බවත් එම  ගුවන් යානයේ තිබිවැටි තිබු විශාල මුදල් තොගයක් ප්‍ර දේශවාසින් විසින් අහුලා ගත් බවත් පවසන ප්‍රදේශවාසින් ඉන් හොන්කන් රාජ්‍යයේ ඩොලර් දහයේ  නෝර්ට්ටුවක් තාමත් සුරක්ෂිතව තබා ගනිමින් අපවෙත පෙන්වනු ලැබුවා.

එම ගුවන් අනතුර දැකබලා ගැනිමට දිවයිනේ විවිධ ප්‍රදේශවල සිට එවකට විශාල පිරිසක් පැමිණී බවයි ප්‍රදේශවාසින් පවසන්නේ.

මෙම අනතුරට පත් ඩි.සි 8 ගුවන් යානයේ ප්‍රධාන ගුවන් නියමුවා වශයෙන් කටයුතු කර ඇත්තේ නෙදර්ලන්ත ජාතික හෙන්රික් ලැමිරේ නැමැති (52) හැවිරිදි ගුවන් නියමුවායි.

පසු ගිය කාලයේ එම ප්‍රධාන ගුවන් නියමුවාගේ පුත්‍රයා ගුවන් අනතුර සිදුවු ස්ථානයට පැමිණ  ගුවන් අනතුර පිළිඉඳව රූපවාහිනි වාර්තාමය වැඩසටහනක් පටිගත කර එම ගුවන් යානයේ ගමන් කළ කාර්ය මණ්ඩලයේ නව දෙනාගේ නම සඳහන් සිහිවටනයක් නෝර්ටන්බ්‍රිජ්  පොලිසිය ඉදිරිපිට දැනට සිහිවටනයක් ලෙස තබා ඇති අනතුරට පත් ගුවන් යානයේ ඉදිරිපස රෝදය අසල තැන්පත්කර තිබෙනවා.

මෙම ගුවන් අනතුරෙන් මියගිය අය මිහිදන්කර ඇති ස්ථානය අසල එම ගුවන්යානයේ ලාංජනය සවිකර තිබුණද කිසියම් පිරිසක් විසින් එම සිහිවටනය මේ වන විට  ගලවාගෙන ගොස් තිබෙනවා.

මෙම ගුවන්අනතුර ගුවන් යානයේ සිදුවු තාක්ෂණදෝෂයක් හේතුවෙන් අනතුරට පත්වු බව ඒ පිළිබඳව පරික්ෂණ පැවැත්වු පරික්ෂණ කණ්ඩායම විසින් වාර්තාවක් මගින්ඉදිරිපත්කර තිබෙනවා.

 

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 20 21 22 23

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!