තරු හුට පට

උල්කාෂ්ම කැබලි කිහිපයක් නිසා ලෝකයේම අවධානය ලංකාව වෙත!

පොළොන්නරුව – අරලගංවිල – කුඩාවැව වෙල්යායට පතිත වූ උල්කාපාත කොටස් පිළිබද සිදුකරන ලද නවතම පරීක්ෂණවලට අනුව ලෝකයේ විද්‍යාඥයින්ගේ අවධානය ශ‍්‍රී ලංකාව දෙසට යොමු වී තිබෙනවා.

 

රුසියානු පරීක්ෂණාගාරයක් විසින් සිදුකරන ලද නවතම පරීක්ෂණවලින් හෙළි වී ඇත්තේ එම උල්කාපාත කොටස්වල හඳුනාගත නොහැකි ජීවින් කොටසක් සොයාගෙන ඇති බවයි.

 

ඒ අනුව එම උල්කා කොටස්වල තිබී යුරේනියම්, තෝරියම් සහ ටයිටේනියම් වැනි විරල ලෝහ හඳුනා ගැනීමට හැකිව ඇති බවයි තාරකා ජීව විද්‍යාඥ කීර්ති වික‍්‍රමරත්න කියා සිටියේ.
පසුගිය 2012 වසරේ කුඩාවැව වෙල්යායට පාෂාණ කොටස් කිහිපයක් පතිත වුණු අතර පසුව සිදුකරන ලද පරීක්ෂණවලින් හෙළිවූයේ ඒවා උල්කාශ්ම කොටස් බවයි.

එම අවස්ථාවන්හිදී නාසා ආයතනයේ කීර්තිමත් මහාචාර්යවරයෙකු වන රිචඩ් බිං හූවර් පරීක්ෂණ සිදුකරමින් කියා සිටියේ එම උල්කාශ්ම කොටස්වල තිබී නිර්වායු ශ්වසනය කරන නවතම බැක්ටීරියා ප‍්‍රභේද දෙකක් ද හදුනා ගත් බවයි.

 

2

 

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!