තරු හුට පට

දකුණු පියයුරේ ගැටිත්තට මුලින් වම කපලා

index

දකුණු පියයුරේ ගැටිත්තක් ඉවත් කර ගැනීමට ගිය කාන්තාව‍කගේ වම් පියයුරේ සැත්කමක් කළ වෛද්‍යවරයෙකු ගැන කළුතරින් වාර්තා වනවා. කළුතර, අගලවත්ත ප්‍රදේශයේ පදිංචිකාරිණියක‍ සිය වම් පියයුරේ ගැටිත්තක් ඉවත් කිරීමට නාගොඩ රෝහලට ඇතුළත් වී තිබෙනවා.

ඊයේ එම සැත්කම සිදුකර ඇති අතර දකුණු පියයුරේ ඇති ගැටිත්ත වෙනුවට වම් පියයුරේ සැත්කමක් කිරීමෙන් තම බිරිඳට අපහසුතාවක් වී ඇතැයි කියමින් එම කාන්තාවගේ සැමියා අද (03) පොලීසියට පැමිණිල්ලක් කර තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ අත්වැරදීමකින් මෙය සිදුවූ බවට එම වෛද්‍යවරයා අදාළ බිරියගේ සැමියාට පැවසූ බව දකුණු කළුතර පොලිසියෙන් එවන ලද ෆැක්ස් පණිවුඩයේ සඳහන් බවයි.

මේ ගැන දකුණු කළුතර පොලීසිය පැමිණිල්ල සටහන් කරගෙන ඇති අතර වෛද්‍යවරයාගේ අත්වැරදීමකින් මෙය සිදුව ඇතිද යන්න නාගොඩ රෝහලේ අධ්‍යක්ෂවරයා සැත්කම කළ වෛද්‍යවරයාගෙන්ද විමසා ඇතැයි ද වාර්තා වනවා.

දකුණු පියයුරේ වෙනුවට වම් පියයුරේ ශල්‍ය කර්මය කර ඇතැයි වෛද්‍යවරයාට තමන්ගේ බිරිඳ දැනුම් දී ඇති බවත්, ඒ අනූව නැවතත් බිරිඳව සිහි නැති කර සැත්කමක් කර ඇතැයිද අදාළ පුද්ගලයා පොලීසියට කළ පැමිණිල්ලේ සඳහන් වන බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් කළුතර රෝහලේ අධ්‍යක්ෂවරයාගෙන් විමසූ විට ඔහු පවසා ඇත්තේ සිද්ධියට අදාළ වෛද්‍යවරයාගෙන් ප්‍රකාශයක් ගත් බවයි. පියයුරු දෙකේම ගැටිති තිබූ නිසා ඒ දෙකේම කොටස් ගෙන වැඩිදුර පරීක්ෂණ සඳහා යොමුකළ බවත් වෛද්‍යවරයා පැවසූ බව රෝහල් අධ්‍යක්ෂවරයා පවසා ඇතැයි  ද වැඩිදුරටත් වාර්තා වනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!