Gossip

මලයාසියානු යානයේ යකා නැටූ ශ්‍රී ලාංකිකයාගේ විස්තරය මෙන්න

ඕස්ට්‍රේලියාවේ සිට මලයාසියාව බලා පියාසර කරමින් තිබූ ගුවන් යානයක් පැහැර ගැනීමට තැත් කල ශ්‍රි ලාංකික මගියෙකු මෙල්බර්න් පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඕස්ට්‍රේලියාවේ නයින් නිව්ස් වෙබ් අඩවිය වාර්තා කළේ ඔහු ශිෂ්‍ය වීසා බලපත්‍රය මත ඕස්ට්‍රේලියාවේ රැඳී සිටි මනෝද් මාක්ස් නමැත්තෙකු ලෙස හඳුනාගෙන ඇති බවයි.

මලයාසියාවේ ක්වාලාලම්පුර් බලා පියාසර කළ එම්.එච් – 128 ගුවන්යානය මෙල්බර්න් ගුවන් තොටුපළින් ගමන් ආරම්භ කළේ ඕස්ට්‍රේලියාවේ වේලාවෙන් පෙරේදා රාත්‍රි 11.11ටයි.

කෙසේ නමුත් යානය ගුවන්ගත වී විනාඩි 20 කට පසුව යළිත් මෙල්බර්න් බලා හරවා පියාසර කරවීමට ගුවන් නියමුවාට සිදුවුණා. ඒ යානයේ ගමන් ගත් මගියෙකු ගුවන් යානය පුපුරුවා හරින බවට තර්ජනය කරමින් ගුවන් නියමු කුටිය වෙතට ඇතුළු වීමට උත්සාහ කිරීම හේතුවෙන්.

එම අවස්ථාවේ යානයේ මගීන් සහ කාර්ය මණ්ඩලයේ 337 දෙනෙකු ගමන් කරමින් සිටියා.

ඉලෙක්ටොනික් උපාංගයක් අතැතිව නියමු කුටිය තුළට ඇතුළු වීමට උත්සාහ කළ පුද්ගලයා මැඩ පවත්වන ලද්දේ යානයේ ගමන් කරමින් සිටි ඕස්ට්‍රේලියානු පාපන්දු ලීගයට අයත් ක්‍රීඩකයෙකු වන ඇන්ඩෘෘ ලියොන් සෙලී සහ තවත් මගියෙකු එක්වයි.

පසුව අනාවරණ වූයේ කලහකාරී ලෙස හැසිරුණු පුද්ගලයා 25 හැවිරිදි ශ්‍රි ලාංකිකයෙකු වන බවයි.

කාර්ය මණ්ඩලය බිය ගැන්වීම සඳහා බෝම්බයක් තිබෙන බවට තර්ජනය කළද එය ජංගම දුරකතන ආරෝපණය කිරීමට යොදා ගන්නා බැටරියක් බව පසුව හෙළි වුණා. ගුවන් යානය ආරක්ෂිතව යළි මෙල්බර්න් ගුවන්තොටුපළේ ගොඩබැස්සවූ පසු ඕස්ට්‍රේලියානු ආරක්ෂක අංශ අදාළ සැකකරු අත්අඩංගුවට ගත්තා.

වික්ටෝරියා පොලිසියේ කොමසාරිස් ග්‍රැහැම් ඈෂ්ටන් ප්‍රකාශ කළේ අදාළ ක්‍රියාව ත්‍රස්ත ක්‍රියාවක් නොවන බවයි.
යානය මෙල්බර්න් වෙත යළි ගොඩබැස්සවීමෙන් අනතුරුව ගුවන්තොටුපළෙන් ක්‍රියාත්මක කෙරෙන ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවා ආරක්ෂාව තර කෙරුණු අතර, පසුව යළි ගුවන් ගමන් සුපුරුදු පරිදි ක්‍රියාත්මක කෙරුණා.

අදාළ ශ්‍රී ලාංකිකයා තාවකාලික වීසා මත මෙල්බර්න් හි රැදී සිට ඇති අතර, ඔහු කාලාන්තරයක් තිස්සේ මානසික ආබාධයකින් පෙළෙමින් සිට ඇති බවට ද තොරතුරු අනාවරණ වී තිබෙනවා.

විදෙස් වාර්තා පැවසුවේ ඔහු යානය පැහැර ගැනීමට උත්සාහ කළ දිනට පෙර දිනයේ මානසික ආබාධ සදහා ප්‍රතිකාර කරන මධ්‍යස්ථානයකින් ප්‍රතිකාර ලබා පිටව ගොස් ඇති බවයි.

මීට පෙර 1982 වසරේදී ශ්‍රී ලාංකිකයෙකු විසින් ගුවන්යානයක් පැහැගත් අතර, අලිතාලියා ගුවන් සමාගමට අයත් එම යානය පහැර ගනු ලැබුවේ සේපාල ඒකනායක නැමැත්තා විසින්.

ගුවන්යානා පැහැර ගැනීම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තුළ නීති සම්පාදනය කෙරුණේ එම සිද්ධියෙන් අනතුරුවයි.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!