Gossip

පියාගේ මළගෙදර යන්න ඔරුවෙන් එගොඩට ගිය එකම පවුලේ ජීවිත 3ක් දියේ ගිලුණු හැටි!

වියරු වූ ගංවතුරට හසුව ජීවිත බේරාගන්නට සමත්වූ පිරිස් මෙන්ම ඒ නිසාවෙන් අවසනාවන්ත ලෙසින් මියගිය පිරිස් පිළිබඳව පහුගිය දින කිහිපයක පුරා විවිධ පුවත් වාර්තා වුණා. ඒ අයුරින් ඊයේ (1) දිනයේදී එකම පවුලේ මව, පියා හා දරුවා ඔවුන් පැද ආ ඔරුව පෙරළිමෙන් මියගිය අවාසනාවන්ත පුවතක් වාර්තා වුණා.

මාතර මාලිම්බඩ නාගොඩ හන්දිය ප්‍රදේශයේ ගංවතුරේ යාත්‍රා කරමින් තිබූ ඔරුව දහවල් 12.00 ට පමණ හදිසියේ පෙරළී ගිය අතර ඔරුව පදිමින් සිටි තරුණයා පිහිනා ගොස්‌ දිවි ගලවාගෙන තිබුණා.

මියගිය පිරිස මෙසේ ඔරුවේ ගමන් කර ඇත්තේ ඔරුවේ සිටි කාන්තාවගේ පියාගේ අවමඟුලට සහභාගි වීම සඳහා වලස්‌මුල්ල බලා යැමට වන අතර ඔවුන් ප්‍රධාන මාර්ගය දෙසට ඔරුවෙන් එමින් සිටියදී මෙම අනතුර සිදුව තිබුණා.

ඔරුව පෙරළී ගිය ස්‌ථානය අඩි 15 ක්‌ ගැඹුරු වන අතර එකවරම දැඩි සුළං පහරකට හසුවූ ඔරුව පාලනය කරගත නොහැකිව මෙලෙසින් පෙරලී ගොස් තිබුණා.

පැයකට ආසන්න කාලයක්‌ තිස්‌සේ ගැඹුරු ජලයේ මොවුන් පිළිබඳව සොයද්දී මියගොස්‌ සිටි මව, පියා සහ දරුවාගේ සිරුරු හමුවී තිබුණි

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!