Gossip

සප්ත කන්‍යා කඳු වැටියේ අතරමං වුණු අය සොයා කළ මෙහෙයුම(වීඩියෝ)

1

ශ්‍රී පාද අඩවියේ හැමිල්ටන් රක්ෂිතයේදී අතුරුදන් වූ පුද්ගලයින් පස් දෙනා සොයාගෙන තිබෙනවා.

අතුරුදන් වූ පුද්ගලයින් සෙවීමේ සෝදිසි මෙහෙයුම්වල නිරත වූ නල්ලතන්නිය පොලීසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් කණ්ඩායම විසින් ඔවුන් අරක්ෂිතව මුදාගැනීමට සමත්ව ඇති බව සඳහන්ය.

කුරුඅලි නැරඹීම සඳහා මෙම පිරිස පසුගිය 12 වනදා  ශ්‍රී පාද අඩවියේ හැමිල්ටන් රක්ෂිතයට ඇතුළු වී තිබුණි.

එහිදී තමන් අතරමං වී ඇති බවට ඔවුන් විසින් 119 පොලිස් හදීසි ඇමතුම් අංකයට ලබාදුන් දුරකථන ඇමතුමක් මත  පොලීසිය විසින් මුදාගැනීමේ මෙහෙයුම් ආරම්භ කරනු ලැබීය.

එමෙන්ම යුද හමුදාව මෙන්ම ගුවන් හමුදාවද අතුරුදන් වූ පුද්ගලයන් සෙවීම සඳහා මෙහෙයුම් ආරම්භ කළේය.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් බෙල් 412 වර්ගයේ ගුවන් යානයක් ද ඊයේ පස්වරුවේ යොදවා ඔවුන් සිටින ස්ථානය නිශ්චය කරගත් බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක වින් කමාන්ඩර් ගිහාන් සෙනෙවිරත්න මහතා සඳහන් කළේය.

කෙසේවෙතත් ගුවන් හමුදාවේ මුදාගැනීමේ කණ්ඩායම් වලට එම ස්ථානයට ළඟා වීමට නොහැකි තත්වයක් පැවති බැවින් අතුරුදන් වූ පුද්ගලයින් සිටින ස්ථානය පිළිබඳ තොරතුරු සෝදිසි මෙහෙයුම් වල නිරත යුද හමුදාව සහ පොලීසිය වෙත ලබාදීමට ගුවන් හමුදාව කටයුතු කර තිබෙනවා.

dsc_3832 dsc_3836 dsc_3851 dsc_3856-1 dsc_3856 dsc_3863 dsc_3864 dsc_3873 dsc_3882

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!